යෝබ්
22 එවිට තේමානිය එලිෆස් මෙසේ පිළිතුරු දුන්නේය.
2 “මිනිසෙකුගෙන් දෙවිට කිසිදු ප්රයෝජනයක් තිබේද?+
වටහාගැනීමේ ශක්තිය තිබෙන කෙනෙකුගෙන් වුවද ඔහුට කිසි ප්රයෝජනයක් තිබේද?
3 ඔබ නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමට වෑයම් කරන,+
ධර්මිෂ්ඨ+ කෙනෙකු වුණත් සියලු බලැති දෙවිව ඔබට සතුටු කළ හැකියි කියා ඔබ සිතුවාද?
6 ඔබ අයුතු ලෙස ඔබේ සහෝදරයන්ගෙන් ඇපයක් ඉල්ලාගත්තෙහිය.+
ඔබ දුප්පතාට තිබෙන එකම වස්ත්රය ඔහුගෙන් පැහැරගත්තෙහිය.
10 ඔබ වටේටම උගුල් අටවා තිබෙන්නෙත්+
භීතිය ඔබව වට කරගෙන තිබෙන්නෙත් ඒ නිසාය.
11 ඔබ අඳුරෙහි අත පත ගාමින් යන්නෙත්
ජලගැල්මට හසු වන්නෙත් ඒ නිසාය.
13 එහෙත් ඔබ මෙසේ කීවේය. ‘දෙවි දන්නේ කුමක්ද?
ගන අඳුර මැදින් ඔහුට දේවල් පැහැදිලිව දැකගත හැකිද?
14 ඔහු අහස්තලයෙහි ඒ මේ අත ඇවිදින්නේය.
වලාකුළුවලින් වට වී සිටින නිසා ඔහුට කිසිවක් නොපෙනෙයි.’
15 කාලාන්තරයක් පුරා දුෂ්ටයන් ගමන් ගත් මඟෙහි
ඔබත් දිගටම ගමන් කරන්නෙහිද?
16 ඔවුන්ගේ ආයු කාලය කෙටි කරනු ලැබීය.+
වේගයෙන් ගලා බසින ගංගාවක් මෙන් ඔවුන්ගේ අත්තිවාරම්ද+ ගසාගෙන ගියේය.
17 ‘අපෙන් ඈත්ව යන්න’+ කියා ඔවුහු සැබෑ දෙවිට කියති.
‘අපට විරුද්ධව ක්රියා කරන්න සියලු බලැති දෙවිට පුළුවන්ද’ කියා අසති.
18 එහෙත් ඔවුන්ගේ නිවෙස් හොඳ දෙයින් පුරවා තිබෙන්නේ දෙවිම නොවෙයිද?+
මම නම් දුෂ්ටයන්ගේ උපායන්වලින් ඈත්ව සිටින්නෙමි.+
19 ධර්මිෂ්ඨයා දුෂ්ටයාගේ විනාශය දැක සතුටු වනු ඇත.+
නිර්දෝෂ අය ඔවුන්ට සමච්චල් කරමින් මෙසේ කියති.
20 ‘අපේ සතුරෝ විනාශ වී ඇත.
ඔවුන්ගෙන් ඉතුරුව සිටින සියල්ලන්ද ගින්නෙන් විනාශ කරනු ඇත.’
21 දෙවිව හොඳින් දැන හඳුනා ගෙන ඔහු සමඟ හොඳ සබඳතාවක් පවත්වාගන්න.
එවිට ඔබ ආශීර්වාද රැසක් අද්දකිනු ඇත.