ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙතය. මික්ටැම්. “මාව විනාශ නොකරන්න” යන තේමාවෙන් ලියවුණු ගීතයකි. සාවුල්ගෙන් බේරෙන්න ගල් ගුහාවකට පලා ගිය අවස්ථාව ගැන දාවිත් විසින් රචනා කළ ගීතයකි.+
57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+
මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+
මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+
2 මාගේ විපත්තිවලට අවසානයක් ගෙනෙන සැබෑ දෙවිට මම හඬගසන්නෙමි. එසේය, මා වෙනුවෙන් ඉදිරිපත් වී ක්රියා කරන මහෝත්තම දෙවිට මම හඬගසන්නෙමි.+
3 ඔහු ස්වර්ගයේ සිට උපකාර සපයමින් මාව ගලවාගන්නේය.+
මාව ගිල දැමීමට උත්සාහ කරන තැනැත්තාව ඔහු වියවුලට පත් කරන්නේය.+ සීලාහ්.
මා සැතපෙන්නේ කවරෙකු හෝ ගිල දැමීමට මාන බලන මිනිසුන් අතරේය.
ඔවුන්ගේ දත්, හෙල්ල හා ඊතල මෙනි.+
ඔවුන්ගේ දිව්, මුවහත් කඩු මෙනි.+
6 මා පය තබන තැන්වල ඔවුහු දැල් එළුවෝය.+
එබැවින් මම කලකිරුණෙමි.+
නමුත් මට කැපූ වළේම
ඔවුහු වැටුණෝය.+ සීලාහ්.
8 මා තුළ තිබෙන පවිත්ර සිතුවිලි, අවදි වන්න.+
තත් භාණ්ඩත් වීණාත්, අවදි වන්න.+
මමද හිමිදිරියේ පිබිදෙන්නෙමි.