ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
64 දෙවියනි, මාගේ දුක කියා මා ඔබට කන්නලව් කරන විට මට සවන් දෙන්න.+
සතුරන්ගෙන් එල්ල වන ප්රහාරවලින් මාගේ ජීවිතය ආරක්ෂා කර දෙන්න.+
2 මට විරුද්ධව සිටින කලහකාරී සෙනඟගෙන්ද+
අපරාධකරුවන්ගේ කුමන්ත්රණවලින්ද මාව ආරක්ෂා කරන්න.+
3 ඔවුන්ගේ දිව් මුවහත් කඩු මෙනි.+
ඔවුන්ගේ මුවින් නික්මෙන වදන් ඊතල මෙනි. ඒවා සිත් පසාරු කරගෙන යන්නේය.+
4 ඔවුහු නිර්දෝෂ තැනැත්තාට ඊතලවලින් පහර දීමට සැඟවී බලා සිටිති.+
ඔවුහු එකවරම කිසිම බියක් සැකක් නැතුව ඔහුට පහර දෙති.+
5 ඔවුන් සැමවිටම කතා කරන්නේ දුෂ්ට දේවල් ගැනය.+
ඔවුන් සැමවිටම සැලසුම් කරන්නේ යමෙකුව හසු කරගැනීමට හැකි මඟක් ගැනය.+
“අපි කරන දේ කවුරු දකින්නද” කියා ඔවුහු කියති.+
6 ඔවුහු අධර්මිෂ්ඨ දේවල් සඳහා සැලසුම් යොදති.+
සූක්ෂ්ම ලෙස සැලසුම් කළ උගුල් යමෙකුට විරුද්ධව අටවති.+
ඔවුන්ගේ සිතේ ඇති දේ කිසිවෙකුට තේරුම්ගත නොහැක.+
7 නමුත් නොසිතන මොහොතකදී දෙවි ඊතලවලින් ඔවුන්ට පහර දෙන්නේය.+
එයට ගොදුරු වන ඔවුහු දැඩි ලෙස තුවාල ලබති.+
8 ඔවුහු අනුන්ගේ පය පටලවා ඔවුන්ව වැටීමට සලස්වති.+
නමුත් ඔවුන්ගේ කතා නිසා ඔවුහුම විනාශය අද්දකිති.+
ඔවුන්ට සිදු වන දේ දකින සියල්ලෝ පුදුමයෙන් හිස වනති.+
දෙවි කළ දේ ගැන කතා කරති.+
ඔවුහු ඔහුගේ ක්රියා හොඳින් තේරුම්ගනිති.+