1 සාමුවෙල්
24 සාවුල් රජු පිලිස්තිවරුන්+ සමඟ සටනට ගොස් පැමිණි විට ඔහුට මෙසේ ආරංචි විය. “දාවිත් දැන් ඉන්නේ ඒන්-ගෙදී නම් පාළුකරයේයි.”+
2 එවිට සාවුල් රජ ඊශ්‍රායෙල් සෙනඟ අතරින් මිනිසුන් තුන්දහසක් තෝරාගෙන+ දාවිත්ව සහ ඔහුගේ සෙනඟව අල්ලාගැනීමට පිටත්ව ගියේය.+ ඔවුහු කඳු එළුවන්+ ගැවසෙන තැන්වල ඔවුන්ව සොයා ගියෝය. 3 මෙසේ ගමන් කරමින් සිටියදී සාවුල් රජ බැටළු ගාල් තිබෙන ස්ථානයකට පැමිණියේය. එහි ගුහාවක්ද තිබිණ. සාවුල් රජට මලපහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වී+ ඒ සඳහා ඔහු ගුහාව ඇතුළට ගියේය. දාවිත් සහ ඔහුගේ සෙනඟ එම ගුහාවේම+ ඇතුළට වෙන්න හිඳගෙන සිටියෝය. 4 එවිට දාවිත් සමඟ සිටි අය ඔහුට මෙසේ කීවෝය. “යෙහෝවා දෙවි අද ඔබේ සතුරාව ඔබේ අත ළඟටම ගෙනැවිත් තිබෙනවා.+ ඒ නිසා ඔබට හොඳයි කියලා හිතෙන ඕනෑම දෙයක් ඔහුට කරන්න.+ ඒ සඳහා දෙවිගේ අවසරය ඔබට ලැබෙයි.” එබැවින් දාවිත් එතැනින් නැඟිට සාවුල් රජුට නොපෙනෙන සේ ඔහුගේ අත් නැති සළුව තිබූ ස්ථානයට ගොස් එහි වාටියෙන් කොටසක් කපාගත්තේය. 5 නමුත් ඔහු කළ ඒ දේ නිසා ඔහුගේ සිත ඔහුට වද දීමට+ පටන්ගත්තේය. 6 එබැවින් ඔහු තමා සමඟ සිටි අයට මෙසේ කීවේය. “සාවුල් රජු, යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා.+ ඉතින් මම කොහොමද යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව මගේ අත ඔසවන්නේ?+ මගේ ස්වාමියාට විරුද්ධව කටයුතු කරන්න මම කවදාවත් හිතන්නේවත් නැහැ. යෙහෝවා දෙවිත් ඒ වගේ දෙයක් අනුමත කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි.” 7 දාවිත් එසේ කියා සාවුල් රජුට හානියක් කිරීමෙන් තම සේවකයන්ව වැළැක්වූවේය.+ සාවුල් රජද ගුහාවෙන් පිටත්ව ගියේය.
8 එවිට දාවිත් ගුහාවෙන් පිටතට ගොස්, “මගේ ස්වාමීනි,+ රජතුමනි” කියා සාවුල් රජුට හඬගැසුවේය. එවිට සාවුල් රජු හැරී බැලූ විට දාවිත් හිස නමා+ රජුට ආචාර කරමින් මෙසේ කීවේය. 9 “‘දාවිත් ඔබට හානියක් කරන්න හදනවා’ කියලා මිනිසුන් කියන දේ ඔබ විශ්වාස කරන්නේ ඇයි?+ 10 අද ඔබ ගුහාව ඇතුළට එද්දී යෙහෝවා දෙවි ඔබට හානියක් කරන්න මට අවස්ථාවක් ලබා දුන්නා. සමහරු ඔබව මරන්න කියලත් මට පෙරැත්ත කළා.+ එහෙත් මම ඔබට අනුකම්පා කළා. ‘මම මගේ ස්වාමියාට විරුද්ධව අත ඔසවන්නේ කොහොමද? ඔහු යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා’+ කියලත් මම ඔවුන්ට කිව්වා. 11 මේ බලන්න මගේ පියාණෙනි,+ ඔබේ අත් නැති සළුවේ කෑල්ලක් මගේ අතේ තියෙනවා. මම ඔබට කිසි හානියක් කරන්නේ නැතුව එය කපාගත්තා. මෙයින් ඔබට දැනගන්න පුළුවන් මගේ අතේ කිසි වරදක් නැති බව.+ ඔබ මාව මරන්න හැදුවත්+ මම ඔබට විරුද්ධව කිසි නපුරක්වත් පාපයක්වත් කළේ නැහැ. 12 යෙහෝවා දෙවි අපි දෙන්නාව විනිශ්චය කරයි.+ යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම මා වෙනුවෙන් යුක්තිය ඉටු කරයි.+ ඒත් මම කවදාවත් ඔබට අතක්වත් තියන්නේ නැහැ.+ 13 ‘දුෂ්ටයන් කරන්නේ දුෂ්ට දේමය’+ කියලා පුරාණ හිතෝපදේශයක සඳහන් වෙනවා. නමුත් මම නම් කවදාවත් ඔබට දුෂ්ට දෙයක් කරන්නේ නැහැ. 14 රජතුමනි, ඔබ මේ ලුහුබඳින්නේ කා පස්සෙද? පණ නැති බල්ලෙක් පස්සේ නෙමෙයිද?+ ඔබ මේ ලුහුබඳින්නේ නිකම්ම නිකම් මැක්කෙක් පස්සේ නෙමෙයිද?+ 15 යෙහෝවා දෙවි අපි දෙන්නව විනිශ්චය කරයි. ඔහු කාරණා විමසා බලලා,+ මා වෙනුවෙන් කතා කරලා ඔබේ අතින් මාව ගලවාගනියි.”
16 දාවිත් ඒ දේවල් කියූ පසු සාවුල් රජ ඔහුට කතා කර, “දාවිත්, මගේ පුතේ, මේ කතා කරන්නේ ඔබමද”+ කියා ඇසුවේය. රජ එසේ කියා ශබ්ද නඟා හඬන්න පටන්ගත්තේය.+ 17 රජ දාවිත්ට තවදුරටත් මෙසේ කීවේය. “ඔබ මට වඩා ධර්මිෂ්ඨයි.+ මම ඔබට නපුරු විදිහට සැලකුවත් ඔබ මට හොඳින් සැලකුවා.+ 18 අද යෙහෝවා දෙවි මාව ඔබේ අතටම අල්ලලා දුන්නත්+ ඔබ මාව මැරුවේ නැහැ. ඔබ මට හොඳින් සැලකූ බව මම එයින් දැනගත්තා. 19 සාමාන්‍යයෙන් සතුරෙක්ව අතටම අහු වුණොත් ඔහුට ගැලවී යන්න දෙන්නේ කවුද?+ එහෙත් අද ඔබ මට ගැලවී යන්න ඉඩ දුන්නා. ඒ නිසා යෙහෝවා දෙවි ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.+ 20 මම දන්නවා ඔබට රජකම ලැබෙන බව.+ ඊශ්‍රායෙල්හි රජකම හැමදාටම ඔබේ පෙළපතට උරුම වෙයි කියලත් මම දන්නවා. 21 දැන් ඉතින් මගේ දරුදැරියන්ව විනාශ කරන්නේ නැහැ කියලත් මගේ පියාගේ පෙළපතින් මගේ නම ඉවත් කරන්නේ නැහැ කියලත්+ යෙහෝවා දෙවිගේ නාමයෙන් මට දිවුරලා පොරොන්දු වෙන්න.”+ 22 දාවිත්ද සාවුල් රජුට දිවුරා පොරොන්දු විය. ඉන්පසු සාවුල් රජ තම නිවස බලා පිටත් විය.+ පසුව දාවිත් සහ ඔහුගේ සෙනඟ නැවත දුෂ්කර ස්ථානවලට ගොස් එහි ජීවත් වූහ.+