8 වැඩවලට දක්ෂ+ සියල්ලෝ සම්මුඛ වීමේ කූඩාරම+ සහ එහි රෙදි තිර දහය සෑදුවෝය. රෙදි තිර දහය සාදන පිණිස ඔවුහු සිහින්ව කටින ලද ලිනන් නූල්ද නිල් පැහැති නූල්ද රත්නිල් පැහැගැන්වූ ලොම්ද තද රතු පැහැති නූල්ද භාවිත කළෝය. කෙරුබ්වරුන්ගේ රූපද එම රෙදි තිරවල මැසුවෝය. බෙසලෙල් ඒ වැඩ සියල්ල අධීක්ෂණය කළේය.