14 නමුත් හත්වන දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න.+ ඔබවත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාසදාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරවල ජීවත් වන විදේශිකයන්වත්+ එදින කිසි වැඩක් නොකළ යුතුයි.+ එවිට ඔබට මෙන්ම ඔබේ දාසදාසීන්ටත් එදින නිවාඩු ගෙන වෙහෙස නිවාගත හැකියි.+