ද්විතීය කතාව 32:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔවුන් පූජා ඔප්පු කළේ දෙවිට නොව භූතයන්ටය.+ඔවුන් නමස්කාර කළේ ඔවුන් කිසි කලක නොදැන සිටි+ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි දෙවිවරුන්ටය.+ යොෂුවා 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යොෂුවා තවදුරටත් ඔවුන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කළ මේ දේවල් නිසා ඔහුට ගරුබිය පෙන්වමින්+ අවංක සිතින් ඔහුට නමස්කාර කරන්න. දිගටම ඔහුට විශ්වාසවන්තව සිටින්න.+ ගඟෙන් එගොඩ හා ඊජිප්තුවේ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තන් නමස්කාර කළ දෙවිවරුන්ව සම්පූර්ණයෙන්ම අත්හැර+ යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන්න. 2 ලේකම් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එමෙන්ම යෙරොබොවම් රජ එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්ගේ+ සහ වසු පැටවුන්ගේ රූප සාදා+ ඒවා තැබීමට පූජනීය ස්ථාන ඉදි කර එහි සේවය කිරීම සඳහා වෙනත් පූජක පන්තියක්ද පත් කළේය.+ 1 කොරින්ති 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නැත. මා කියන්නේ වෙනත් ජාතීන්ට අයත්ව සිටින මිනිසුන් යමක් පූජා කරන විට ඔවුන් ඒ පූජාව කරන්නේ දෙවිට නොව භූතයන්ට බවය.+ එහෙයින් ඔබ භූතයන් සමඟ හවුල් වෙනවාට මම කැමති නැත.+
17 ඔවුන් පූජා ඔප්පු කළේ දෙවිට නොව භූතයන්ටය.+ඔවුන් නමස්කාර කළේ ඔවුන් කිසි කලක නොදැන සිටි+ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි දෙවිවරුන්ටය.+
14 යොෂුවා තවදුරටත් ඔවුන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කළ මේ දේවල් නිසා ඔහුට ගරුබිය පෙන්වමින්+ අවංක සිතින් ඔහුට නමස්කාර කරන්න. දිගටම ඔහුට විශ්වාසවන්තව සිටින්න.+ ගඟෙන් එගොඩ හා ඊජිප්තුවේ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තන් නමස්කාර කළ දෙවිවරුන්ව සම්පූර්ණයෙන්ම අත්හැර+ යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන්න.
15 එමෙන්ම යෙරොබොවම් රජ එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්ගේ+ සහ වසු පැටවුන්ගේ රූප සාදා+ ඒවා තැබීමට පූජනීය ස්ථාන ඉදි කර එහි සේවය කිරීම සඳහා වෙනත් පූජක පන්තියක්ද පත් කළේය.+
20 නැත. මා කියන්නේ වෙනත් ජාතීන්ට අයත්ව සිටින මිනිසුන් යමක් පූජා කරන විට ඔවුන් ඒ පූජාව කරන්නේ දෙවිට නොව භූතයන්ට බවය.+ එහෙයින් ඔබ භූතයන් සමඟ හවුල් වෙනවාට මම කැමති නැත.+