නික්මයාම 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ආරොන් අමිනදාබ්ගේ දියණිය වූ එලිෂෙබාව විවාහ කරගත්තේය. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරිය වූවාය. ඇය නාදාබ්, අබිහු, එලියාසර් හා ඉතමාර්ව බිහි කළාය.+ ගණන් කතාව 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් සීනයි පාළුකරයේදී නාදාබ් හා අබිහු යෙහෝවා දෙවිගේ නීතියට පටහැනි ලෙස ගින්නක් ඔප්පු කළ නිසා+ යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුහු මිය ගියෝය. ඔවුන් මිය යන විට ඔවුන්ට පුත්රයෝ සිටියේ නැත. එබැවින් ඔවුන් වෙනුවට එලියාසර්+ හා ඉතමාර්+ තම පියා වූ ආරොන් සමඟ පූජකයෝ ලෙස සේවය කළෝය. ගණන් කතාව 4:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 සම්මුඛ වීමේ කූඩාරම හා සම්බන්ධව මෙරාරීගේ පුත්රයන්ට+ නියම කළ සේවාවන් ඒවාය. ඔවුන් ඒ සියලු වගකීම් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත්රයා වන ඉතමාර්ගේ අධීක්ෂණය යටතේය.”+ ගණන් කතාව 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු මෙරාරීගේ පුත්රයන්ට ඔවුන්ගේ වැඩ+ සඳහා කරත්ත හතරක්ද ගවයන් අටදෙනෙකුද දුන්නේය. ඒ සියල්ල සිදු කෙරුණේ පූජක ආරොන්ගේ පුත්රයා වන ඉතමාර්ගේ අධීක්ෂණය යටතේය.+
23 ආරොන් අමිනදාබ්ගේ දියණිය වූ එලිෂෙබාව විවාහ කරගත්තේය. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරිය වූවාය. ඇය නාදාබ්, අබිහු, එලියාසර් හා ඉතමාර්ව බිහි කළාය.+
4 නමුත් සීනයි පාළුකරයේදී නාදාබ් හා අබිහු යෙහෝවා දෙවිගේ නීතියට පටහැනි ලෙස ගින්නක් ඔප්පු කළ නිසා+ යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුහු මිය ගියෝය. ඔවුන් මිය යන විට ඔවුන්ට පුත්රයෝ සිටියේ නැත. එබැවින් ඔවුන් වෙනුවට එලියාසර්+ හා ඉතමාර්+ තම පියා වූ ආරොන් සමඟ පූජකයෝ ලෙස සේවය කළෝය.
33 සම්මුඛ වීමේ කූඩාරම හා සම්බන්ධව මෙරාරීගේ පුත්රයන්ට+ නියම කළ සේවාවන් ඒවාය. ඔවුන් ඒ සියලු වගකීම් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත්රයා වන ඉතමාර්ගේ අධීක්ෂණය යටතේය.”+
8 ඔහු මෙරාරීගේ පුත්රයන්ට ඔවුන්ගේ වැඩ+ සඳහා කරත්ත හතරක්ද ගවයන් අටදෙනෙකුද දුන්නේය. ඒ සියල්ල සිදු කෙරුණේ පූජක ආරොන්ගේ පුත්රයා වන ඉතමාර්ගේ අධීක්ෂණය යටතේය.+