2 ඔහු ආසා රජු වෙතට ගොස් මෙසේ පැවසුවේය. “රජ්ජුරුවනි, යූදා හා බෙන්ජමින් වැසියෙනි, මට සවන් දෙන්න. ඔබ යෙහෝවා දෙවිට ළංව සිටින තාක් කල් ඔහුත් ඔබට ළංව සිටිනවා.+ ඔබ ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත්+ ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරයි. නමුත් ඔබ ඔහුව අත්හැරියොත් ඔහුද ඔබව අත්හරියි.+