උත්පත්ති 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉන්පසු දෙවි ඔහුව කූඩාරමෙන් පිටතට කැඳවා මෙසේ කීවේය. “අහස දෙස බලා තාරකා ගණන් කරන මෙන් මම ඔබෙන් ඉල්ලමි. ඔබට ඒවා ගණන් කළ හැකි නම් එසේ කරන්න.+ ඔබෙන් පැවතෙන අයත් එලෙසම වන්නෝය.”+ රෝම 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ආබ්‍රහම් බොහෝ ජාතීන්ගේ පියා වන බව+ දෙවි පවසද්දී එය සිදු වන දෙයක් ලෙස නොපෙනුණත් ඔහුට ඒ ගැන බලාපොරොත්තුවක් මෙන්ම විශ්වාසයක්ද තිබිණ.+ එමනිසා “ඔබෙන් පැවතෙන අයත් එලෙසම වන්නේය”+ කියා දෙවි පැවසූ විට ඔහු එය සිදු විය හැකි දෙයක් ලෙස විශ්වාස කළේය. හෙබ්‍රෙව් 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මෙසේ පැවසුවේය. “මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”+
5 ඉන්පසු දෙවි ඔහුව කූඩාරමෙන් පිටතට කැඳවා මෙසේ කීවේය. “අහස දෙස බලා තාරකා ගණන් කරන මෙන් මම ඔබෙන් ඉල්ලමි. ඔබට ඒවා ගණන් කළ හැකි නම් එසේ කරන්න.+ ඔබෙන් පැවතෙන අයත් එලෙසම වන්නෝය.”+
18 ආබ්‍රහම් බොහෝ ජාතීන්ගේ පියා වන බව+ දෙවි පවසද්දී එය සිදු වන දෙයක් ලෙස නොපෙනුණත් ඔහුට ඒ ගැන බලාපොරොත්තුවක් මෙන්ම විශ්වාසයක්ද තිබිණ.+ එමනිසා “ඔබෙන් පැවතෙන අයත් එලෙසම වන්නේය”+ කියා දෙවි පැවසූ විට ඔහු එය සිදු විය හැකි දෙයක් ලෙස විශ්වාස කළේය.
14 මෙසේ පැවසුවේය. “මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”+