2 නූන්ගේ පුත් යොෂුවා දේශයේ තොරතුරු සොයා බැලීමට මිනිසුන් දෙදෙනෙකුව තෝරාගෙන, “ඔබ යෙරිකෝව හා ඒ අවට දේශය සෝදිසි කර බලන්න” කියා ඔවුන්ට කීවේය. එසේ කියා ඔහු ඔවුන්ව ෂිට්ටිම්+ නම් ප්රදේශයේ සිට රහසිගතව පිටත් කර යැව්වේය. ඔවුහු රාහබ්+ නම් ගණිකාවකගේ නිවසට පැමිණ එහි නවාතැන් ගැනීමට තීරණය කළෝය.