විනිශ්චයකරුවෝ 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු ඊශ්‍රායෙල් ජාතියේ විනිශ්චයකරුවෙකු ලෙස ක්‍රියා කළේය. යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක විය. ඔහු යුද්ධයට ගිය විට යෙහෝවා දෙවි සිරියාවේ රජු වූ කූෂාන්-රිෂාතයිම්ව ඔහුට යටත් කර දුන්නේය.+ විනිශ්චයකරුවෝ 11:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එවිට යෙහෝවා දෙවිගේ බලය යෙප්තා තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ ඔහු ගිලියද් සහ මනස්සේ දේශ මැදින් ගොස් ගිලියද් දේශයේ මිෂ්පේ නම් නුවර+ හරහා ගමන් කර අම්මොන්වරුන් අසලටම පැමිණියේය. විනිශ්චයකරුවෝ 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දිනක් සැම්සන් ෂොරා+ සහ එෂ්තායොල්+ නුවරවල් අතරේ පිහිටි මහනේ-දාන්+ යන ස්ථානයේ සිටින විට යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේය. විනිශ්චයකරුවෝ 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක විය.+ එළු පැටවෙකුව ඉරා දමන්නාක් මෙන් ඉතා පහසුවෙන් ඔහු තම දෑතින් ඒ රෞද්‍ර සිංහයාව ඉරා දැමුවේය. ඔහු කළ ඒ දේ ගැන තම දෙමාපියන්ට කිසිවක් කීවේ නැත. විනිශ්චයකරුවෝ 15:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන් ඔහුව ලේහී නම් ප්‍රදේශයට ගෙනා විට පිලිස්තිවරු ඔහුව දැක ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+ එවිට යෙහෝවා දෙවිගේ බලය+ සැම්සන් තුළ ක්‍රියාත්මක විය. ඔහු තමාව බැඳ තිබූ කඹ කඩා දැමුවේය. ඒවා කැඩී ගියේ පිලිස්සී ගිය නූල් හා සමානවය.+ යෙසායා 63:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට ඔවුහු පුරාණයේ විසූ දෙවිගේ සේවකයා වූ මෝසෙස්ගේ දවස් සිහි කරමින් මෙසේ කීවෝය. “තම රැළේ එඬේරුන්+ සමඟ ඔවුන්ව මුහුද මැදින් ගෙනා තැනැත්තාණන් දැන් කොහේද?+ මෝසෙස්ට* බලය+ දුන් තැනැත්තාණන් කොහේද? සෙකරියා 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට දේවදූතයා මට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මෙයයි. ‘“මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන් මිසක+ ඔබේ ශක්තියෙන්වත්+ යුද බලයෙන්වත් නොවෙයි.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.
10 ඔහු ඊශ්‍රායෙල් ජාතියේ විනිශ්චයකරුවෙකු ලෙස ක්‍රියා කළේය. යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක විය. ඔහු යුද්ධයට ගිය විට යෙහෝවා දෙවි සිරියාවේ රජු වූ කූෂාන්-රිෂාතයිම්ව ඔහුට යටත් කර දුන්නේය.+
29 එවිට යෙහෝවා දෙවිගේ බලය යෙප්තා තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ ඔහු ගිලියද් සහ මනස්සේ දේශ මැදින් ගොස් ගිලියද් දේශයේ මිෂ්පේ නම් නුවර+ හරහා ගමන් කර අම්මොන්වරුන් අසලටම පැමිණියේය.
25 දිනක් සැම්සන් ෂොරා+ සහ එෂ්තායොල්+ නුවරවල් අතරේ පිහිටි මහනේ-දාන්+ යන ස්ථානයේ සිටින විට යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේය.
6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක විය.+ එළු පැටවෙකුව ඉරා දමන්නාක් මෙන් ඉතා පහසුවෙන් ඔහු තම දෑතින් ඒ රෞද්‍ර සිංහයාව ඉරා දැමුවේය. ඔහු කළ ඒ දේ ගැන තම දෙමාපියන්ට කිසිවක් කීවේ නැත.
14 ඔවුන් ඔහුව ලේහී නම් ප්‍රදේශයට ගෙනා විට පිලිස්තිවරු ඔහුව දැක ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+ එවිට යෙහෝවා දෙවිගේ බලය+ සැම්සන් තුළ ක්‍රියාත්මක විය. ඔහු තමාව බැඳ තිබූ කඹ කඩා දැමුවේය. ඒවා කැඩී ගියේ පිලිස්සී ගිය නූල් හා සමානවය.+
11 එවිට ඔවුහු පුරාණයේ විසූ දෙවිගේ සේවකයා වූ මෝසෙස්ගේ දවස් සිහි කරමින් මෙසේ කීවෝය. “තම රැළේ එඬේරුන්+ සමඟ ඔවුන්ව මුහුද මැදින් ගෙනා තැනැත්තාණන් දැන් කොහේද?+ මෝසෙස්ට* බලය+ දුන් තැනැත්තාණන් කොහේද?
6 එවිට දේවදූතයා මට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මෙයයි. ‘“මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන් මිසක+ ඔබේ ශක්තියෙන්වත්+ යුද බලයෙන්වත් නොවෙයි.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.