18 ඔබේ ඇස් ඇර වටපිට බලන්න. ඔවුහු සියලුදෙනාම එක් රැස් වී+ ඔබ වෙත පැමිණෙන්නෝය. යෙහෝවා දෙවි වන මා ජීවමානය. ඒ නිසා මා කියන මේ දේ ස්ථිර වශයෙන්ම සිදු වන්නේය.+ ‘ඒ සියලුදෙනාම ඔබව අලංකාර කරන ආභරණ මෙන් වන්නෝය. ඔබව වට කරගෙන සිටින ඔවුන් නිසා ඔබ ආභරණ පැළඳගත් මනාලියක් මෙන් වන්නෙහිය.’+