16 “ඔබේ සෙනඟ අතරේ සිටින පුරුෂයන් යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට වසරකට තුන් වරක් යා යුතුයි.+ මෙසේ, ඔවුන් මුහුන් නොදැමූ රොටි උත්සවයේදී,+ සති උත්සවයේදී+ සහ පැල් උත්සවයේදී+ යෙහෝවා දෙවි ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඒ සඳහා කිසිවෙකු හිස් අතින් නොපැමිණිය යුතුයි.+