30 ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවාට ගෞරවය ගෙනෙන පිණිස යෙරුසලමෙහි පිහිටි යෙහෝවා දෙවිගේ ගෘහයේදී+ පවත්වන පාස්කුවට+ සහභාගි වන ලෙස හෙසකියා රජ ඊශ්රායෙල් දේශයේ+ හා යූදා දේශයෙහි විසූ සියලුදෙනාට ලිපි යවා දැන්වීය. ඔහු එෆ්රායිම්+ හා මනස්සේ+ යන දේශවල සිටි අයටද ඒ ගැන ලියා යැවීය.