-
1 ලේකම් 27:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 රජුගේ සේවය සඳහා සිටි ඊශ්‍රායෙල්වරුන්ව කණ්ඩායම් වශයෙන් බෙදන ලදි. සෑම කණ්ඩායමකම විසිහතරදහස බැගින් සිටියහ. ඔවුන්ව එසේ කණ්ඩායම් වශයෙන් බෙදන ලද්දේ අවුරුද්දේ සෑම මාසයකම එක කණ්ඩායමක් බැගින් සේවය කරන පිණිසය. එම කණ්ඩායම්වලට පෙළපත්වල ප්‍රධානීහු,+ දහසකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීහු,+ සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීහු+ සහ ඔවුන් යටතේ සිටි නිලධාරීහු+ ඇතුළත් වූහ. එම නිලධාරීන්ගේ කාර්යය වූයේ කණ්ඩායම්වල අවශ්‍යතා ගැන සොයා බලා ඊට සහයෝගය දැක්වීමය.
-