7 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උරුම කර දෙන දේශය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.+ එහි සිටින හිත්තීවරුන්,+ ගිර්ගාෂිවරුන්,+ අමෝරිවරුන්,+ කානානිවරුන්,+ පෙරිස්සිවරුන්,+ හිවීයවරුන්+ සහ යෙබූසිවරුන්+ යන ඔබට වඩා බලවත් ජාතීන් හතම+ දෙවි ඔබේ ඇස් පනාපිටම ඉවත් කර ඔබට ඒ දේශය උරුම කර දෙයි.+