21 දාවිත් රජුගේ පාලන සමයේදී සාගතයක් ඇති විය.+ එම සාගතය අවුරුදු තුනක් පුරා පැවතිණ. දාවිත් රජු යෙහෝවා දෙවිගෙන් ඒ ගැන විමසූ විට යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “සාවුල් ගිබියොන්වරුන්ව මරා දැමූ නිසා ඔහුත් ඔහුගේ පවුලේ අයත් ඔවුන්ගේ ලේවලට වග කිව යුතුයි. මෙවැනි විපතක් සිදු වුණේ ඒ නිසයි.”+