1 සාමුවෙල් 17:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 එවිට දාවිත් පිලිස්තියාට මෙසේ කීවේය. “නුඹ මා ළඟට එන්නේ කඩුවක්, ලොකු හෙල්ලයක් හා කුඩා හෙල්ලයක්+ රැගෙනයි. නමුත් මම නුඹ ළඟට එන්නේ නුඹ නින්දා කළ+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවි ඔහුයි. 2 ලේකම් 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අපි යුද්ධයට ඇවිත් සිටින්නේ සැබෑ දෙවි සමඟයි.+ ඔහුගේ පූජකයනුත් අප සමඟ සිටිනවා.+ හොරණෑ නාද කරමින්+ ඔබට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුනි, ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට විරුද්ධව සටන් කරන්න එපා.+ ඔබ එසේ කළොත් ඔබේ පරාජය නියතයි.”+ ගීතාවලිය 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබට ලැබුණු ගැලවීම නිසා අපි ප්‍රීති ඝෝෂා නඟන්නෙමු.+අපේ දෙවිගේ නාමය අපි ගෞරවයට පත් කරන්නෙමු.+ඔබේ සියලු ඉල්ලීම් යෙහෝවා දෙවි ඉටු කර දෙනු ලැබේවා!+ හිතෝපදේශ 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි.+ ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි.+
45 එවිට දාවිත් පිලිස්තියාට මෙසේ කීවේය. “නුඹ මා ළඟට එන්නේ කඩුවක්, ලොකු හෙල්ලයක් හා කුඩා හෙල්ලයක්+ රැගෙනයි. නමුත් මම නුඹ ළඟට එන්නේ නුඹ නින්දා කළ+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවි ඔහුයි.
12 අපි යුද්ධයට ඇවිත් සිටින්නේ සැබෑ දෙවි සමඟයි.+ ඔහුගේ පූජකයනුත් අප සමඟ සිටිනවා.+ හොරණෑ නාද කරමින්+ ඔබට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුනි, ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට විරුද්ධව සටන් කරන්න එපා.+ ඔබ එසේ කළොත් ඔබේ පරාජය නියතයි.”+
5 ඔබට ලැබුණු ගැලවීම නිසා අපි ප්‍රීති ඝෝෂා නඟන්නෙමු.+අපේ දෙවිගේ නාමය අපි ගෞරවයට පත් කරන්නෙමු.+ඔබේ සියලු ඉල්ලීම් යෙහෝවා දෙවි ඉටු කර දෙනු ලැබේවා!+