2 රාජාවලිය 24:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු යෙහෝයාකින් රජුව+ බැබිලෝනියට රැගෙන ගියේය.+ එමෙන්ම යෙහෝයාකින් රජුගේ මවද+ ඔහුගේ භාර්යාවන්වද නිලධාරීන්වද+ දේශයේ උත්තමයන්වද ඔහු යෙරුසලමේ සිට බැබිලෝනියට රැගෙන ගියේය. 2 රාජාවලිය 24:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මෙසේ බැබිලෝනියේ රජු රැගෙන ගිය අය+ අතර යුද්ධයට දක්ෂ පුරුෂයෝ හත්දහසක්ද කර්මාන්තකරුවෝ සහ බලකොටු ඉදි කරන්නෝ දහසක්ද සිටියෝය. ඒ සියලුදෙනා යුධ දක්ෂයෝ වූහ. 2 රාජාවලිය 25:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නගරයේ ඉතුරු වී සිටි අයවද+ බැබිලෝනියේ රජුට යටත් වූ අයවද නගරයෙන් පිටත සිටි සෙසු ජනයාවද නෙබුෂරදාන් වහලුන් ලෙස රැගෙන ගියේය.+ 2 ලේකම් 36:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මීට අමතරව කඩු පහරින් මිය නොගිය අයව ඔහු වහලුන් ලෙස බැබිලෝනියට ගෙන ගියේය.+ එසේ වහල්කමට ගිය සියලුදෙනා පර්සියාවේ රාජකීය පාලනය+ පටන්ගන්නා තෙක් ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් සේවය කළෝය.+ විලාප ගී 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බොහෝ පීඩා ඇති විය. මෙහෙකාරකම්ද අධික විය.+ එහෙයින් යූදා වහල්කමට ගෙන යන ලදි.+ඉන්න හිටින්න තැනක් නැතුව ඇය ජාතීන් අතරේ ඒ මේ අත සැරිසැරුවාය.+ඇය විපත්ති අද්දකිමින් සිටියදී ඇය පසුපස ලුහුබැඳ ආ අය ඇයව හසු කරගත්තෝය.+
15 ඔහු යෙහෝයාකින් රජුව+ බැබිලෝනියට රැගෙන ගියේය.+ එමෙන්ම යෙහෝයාකින් රජුගේ මවද+ ඔහුගේ භාර්යාවන්වද නිලධාරීන්වද+ දේශයේ උත්තමයන්වද ඔහු යෙරුසලමේ සිට බැබිලෝනියට රැගෙන ගියේය.
16 මෙසේ බැබිලෝනියේ රජු රැගෙන ගිය අය+ අතර යුද්ධයට දක්ෂ පුරුෂයෝ හත්දහසක්ද කර්මාන්තකරුවෝ සහ බලකොටු ඉදි කරන්නෝ දහසක්ද සිටියෝය. ඒ සියලුදෙනා යුධ දක්ෂයෝ වූහ.
11 නගරයේ ඉතුරු වී සිටි අයවද+ බැබිලෝනියේ රජුට යටත් වූ අයවද නගරයෙන් පිටත සිටි සෙසු ජනයාවද නෙබුෂරදාන් වහලුන් ලෙස රැගෙන ගියේය.+
20 මීට අමතරව කඩු පහරින් මිය නොගිය අයව ඔහු වහලුන් ලෙස බැබිලෝනියට ගෙන ගියේය.+ එසේ වහල්කමට ගිය සියලුදෙනා පර්සියාවේ රාජකීය පාලනය+ පටන්ගන්නා තෙක් ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් සේවය කළෝය.+
3 බොහෝ පීඩා ඇති විය. මෙහෙකාරකම්ද අධික විය.+ එහෙයින් යූදා වහල්කමට ගෙන යන ලදි.+ඉන්න හිටින්න තැනක් නැතුව ඇය ජාතීන් අතරේ ඒ මේ අත සැරිසැරුවාය.+ඇය විපත්ති අද්දකිමින් සිටියදී ඇය පසුපස ලුහුබැඳ ආ අය ඇයව හසු කරගත්තෝය.+