3 උත්තම පූජක එලියාෂිබ්ද+ පූජකයන් වූ ඔහුගේ සහෝදරයෝද බැටළු දොරටුව+ අලුත්වැඩියා කරන්න පටන්ගත්තෝය. ඔවුහු එම ස්ථානය ශුද්ධ ස්ථානයක් ලෙස කැප+ කළ පසු ඊට දොරවල්ද සවි කළෝය. ඔවුහු මේයා+ නම් මුරකොටුව දක්වා ඉදි කිරීම් කටයුතු කර එම ස්ථානයද කැප කළෝය. ඉන්පසු ඔවුහු හනානෙල්ගේ+ මුරකොටුව දක්වා ඉදි කිරීම් කටයුතු කළෝය.