එස්තර් 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔවුන් එසේ කළේ ආදාර් මාසයේ දහතුන්වනදාය. නමුත් පසු දින එනම්, දහහතරවනදා ඔවුහු නිවාඩු ගත්තෝය. එදින ඔවුහු බොහෝ සෙයින් ප්රීති වෙමින්+ උත්සව පැවැත්වූහ.+ ගීතාවලිය 18:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යෙහෝවා දෙවියනි, මාගේ පහන දල්වන්නේ ඔබයි.+මාගේ දෙවියනි, මාගේ අන්ධකාරය ආලෝකයට හරවන්නේ ඔබයි.+ ගීතාවලිය 30:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහුගේ කෝපය සුළු මොහොතකට පමණය.+නමුත් ඔහුගේ කරුණාව ජීවිතාන්තය දක්වාය.+රාත්රියේදී හැඬීම පැවතුණත්+ උදෑසන ප්රීතිය උදා වෙයි.+ ගීතාවලිය 97:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ධර්මිෂ්ඨයා වෙනුවෙන් ආලෝකය දසත පැතිර ඇත.+ප්රතිපත්තිගරුක අයද ප්රීතිමත් වන්නෝය.+ හිතෝපදේශ 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ධර්මිෂ්ඨයන්ගේ යහපත්කම නිසා නුවරේ වැසියෝ ප්රීතියට පත් වෙති.+ දුෂ්ටයා විනාශ වන විටත් ඔවුහු ප්රීති ඝෝෂා නඟති.+ යෙසායා 30:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙහෝවා දෙවි තම සෙනඟට දඬුවම් කළ නිසා ඔවුන්ට දරුණු තුවාල ඇති විය. එහෙත් දෙවිම ඔවුන්ගේ තුවාල බැඳ+ සුව කර+ ඔවුන්ව විපතෙන් ගලවාගන්නේය. ඒ දවසේදී, පුන් සඳ බැබළෙන හිරු මෙන් දීප්තිමත් වන්නේය. බැබළෙන හිරුගේ ආලෝකය සත්ගුණයකින් වැඩි වී+ සත් දවසක එළිය මෙන් කාන්තිමත් වන්නේය. මීකා 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මට සතුරුකම් කරන තැනැත්තිය, මට සිදු වූ විපත ගැන ප්රීති නොවන්න.+ මම දැන් වැටී සිටියද නැවත නැඟිටින්නෙමි.+ දැන් මා අන්ධකාරයේ සිටියද+ ඉදිරියේදී යෙහෝවා දෙවිගෙන් මට ආලෝකය ලැබෙනු ඇත.+
17 ඔවුන් එසේ කළේ ආදාර් මාසයේ දහතුන්වනදාය. නමුත් පසු දින එනම්, දහහතරවනදා ඔවුහු නිවාඩු ගත්තෝය. එදින ඔවුහු බොහෝ සෙයින් ප්රීති වෙමින්+ උත්සව පැවැත්වූහ.+
5 ඔහුගේ කෝපය සුළු මොහොතකට පමණය.+නමුත් ඔහුගේ කරුණාව ජීවිතාන්තය දක්වාය.+රාත්රියේදී හැඬීම පැවතුණත්+ උදෑසන ප්රීතිය උදා වෙයි.+
10 ධර්මිෂ්ඨයන්ගේ යහපත්කම නිසා නුවරේ වැසියෝ ප්රීතියට පත් වෙති.+ දුෂ්ටයා විනාශ වන විටත් ඔවුහු ප්රීති ඝෝෂා නඟති.+
26 යෙහෝවා දෙවි තම සෙනඟට දඬුවම් කළ නිසා ඔවුන්ට දරුණු තුවාල ඇති විය. එහෙත් දෙවිම ඔවුන්ගේ තුවාල බැඳ+ සුව කර+ ඔවුන්ව විපතෙන් ගලවාගන්නේය. ඒ දවසේදී, පුන් සඳ බැබළෙන හිරු මෙන් දීප්තිමත් වන්නේය. බැබළෙන හිරුගේ ආලෝකය සත්ගුණයකින් වැඩි වී+ සත් දවසක එළිය මෙන් කාන්තිමත් වන්නේය.
8 මට සතුරුකම් කරන තැනැත්තිය, මට සිදු වූ විපත ගැන ප්රීති නොවන්න.+ මම දැන් වැටී සිටියද නැවත නැඟිටින්නෙමි.+ දැන් මා අන්ධකාරයේ සිටියද+ ඉදිරියේදී යෙහෝවා දෙවිගෙන් මට ආලෝකය ලැබෙනු ඇත.+