උත්පත්ති 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 පටන්ගැන්මේදී*+ දෙවි+ අහසත් පොළොවත්+ නිර්මාණය+ කළේය. ගීතාවලිය 33:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිගේ අණ පරිදි අහස නිර්මාණය කර ඇත.+ඔහුගේ හුස්මෙන් එහි ඇති සියල්ල* සෑදුවේය.+ යෙසායා 44:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබේ මිදුම්කරුද+ මව්කුසේ ඔබව වැඩෙන්න සැලැස්වූ තැනැත්තාද වන යෙහෝවා දෙවි කියන මේ දෙයට සවන් දෙන්න. “යෙහෝවා දෙවි වන මම සියල්ල සාදන්නෙමි. අහස්තලය දිගහැරියේ මමය.+ ඒ සඳහා මට කිසිවෙකුගේ උපකාරය අවශ්‍ය වුණේ නැත. පොළොව සෑදුවෙත් මමය.+ ඒ අවස්ථාවේදී මා සමඟ සිටියේ කවුද?
24 ඔබේ මිදුම්කරුද+ මව්කුසේ ඔබව වැඩෙන්න සැලැස්වූ තැනැත්තාද වන යෙහෝවා දෙවි කියන මේ දෙයට සවන් දෙන්න. “යෙහෝවා දෙවි වන මම සියල්ල සාදන්නෙමි. අහස්තලය දිගහැරියේ මමය.+ ඒ සඳහා මට කිසිවෙකුගේ උපකාරය අවශ්‍ය වුණේ නැත. පොළොව සෑදුවෙත් මමය.+ ඒ අවස්ථාවේදී මා සමඟ සිටියේ කවුද?