1 සාමුවෙල් 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් බොහෝ සෙයින් අධෛර්යයට පත් විය.+ මන්ද සෙනඟ තම තමන්ගේ දූපුතුන් නැති වූ නිසා මහත් කෝපයෙන් සිටියෝය.+ ඔවුහු දාවිත්ට ගල් ගසන්න පවා සූදානම් වූහ.+ එබැවින් දාවිත් තම දෙවි වන යෙහෝවාගෙන් උපකාර පැතුවේය. ඉන්පසු ඔහු ධෛර්යයවත් විය.+ ගීතාවලිය 42:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් මා තවදුරටත් හදවතින් වේදනා විඳින්නේ මන්ද?+මා තවදුරටත් නොසන්සුන්ව සිටින්නේ මන්ද?+දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි.+ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙයි. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු වූ ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි.+ ගීතාවලිය 62:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 62 මම නිහඬව දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.+මට ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්ය.+ යෙසායා 30:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 විශ්වයේ පාලකයාණන්ද ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ද+ වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියා තිබිණ. “මා වෙතට හැරී සන්සුන්ව සිටින්න. එවිට ඔබට ගැලවීම අත් වෙයි. කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න.+ එවිට ඔබ ශක්තිමත් වන්නහුය.” එහෙත් ඔබ එසේ කිරීමට කැමති වූයේ නැත.+ විලාප ගී 3:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙහෝවා දෙවි ගැලවීම ලබා දෙන තෙක්+ නිහඬව+ බලා සිටීම යහපත්ය.+
6 දාවිත් බොහෝ සෙයින් අධෛර්යයට පත් විය.+ මන්ද සෙනඟ තම තමන්ගේ දූපුතුන් නැති වූ නිසා මහත් කෝපයෙන් සිටියෝය.+ ඔවුහු දාවිත්ට ගල් ගසන්න පවා සූදානම් වූහ.+ එබැවින් දාවිත් තම දෙවි වන යෙහෝවාගෙන් උපකාර පැතුවේය. ඉන්පසු ඔහු ධෛර්යයවත් විය.+
5 නමුත් මා තවදුරටත් හදවතින් වේදනා විඳින්නේ මන්ද?+මා තවදුරටත් නොසන්සුන්ව සිටින්නේ මන්ද?+දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි.+ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙයි. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු වූ ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි.+
15 විශ්වයේ පාලකයාණන්ද ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ද+ වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියා තිබිණ. “මා වෙතට හැරී සන්සුන්ව සිටින්න. එවිට ඔබට ගැලවීම අත් වෙයි. කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න.+ එවිට ඔබ ශක්තිමත් වන්නහුය.” එහෙත් ඔබ එසේ කිරීමට කැමති වූයේ නැත.+