උත්පත්ති 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට සැබෑ දෙවි සිහිනයකින් ඔහුට මෙසේ කීවේය. “ඔබ මේ දේ කළේ නොදන්නාකමින් කියා මමත් දනිමි.+ ඇයට අත තබන්න ඔබට ඉඩ නොදී+ මට විරුද්ධව පව් කිරීමෙන්+ ඔබව වැළැක්වූවේ ඒ නිසයි. ද්විතීය කතාව 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් කෙනෙක් ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ සේවය කරන පූජකයා හෝ විනිශ්චයකරු ලබා දෙන මඟ පෙන්වීම්වලට සවන් නොදී තම හිතුමතේට ක්‍රියා කරනවා නම්+ ඔහුව මරා දමන්න.+ මෙසේ, ඔබ ඊශ්‍රායෙල් දේශයෙන් දුෂ්ටකම ඉවත් කළ යුතුයි.+ 1 සාමුවෙල් 15:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කැරලිකාරකම+ පේන කීම තරම්ම බරපතළ පාපයක්.+ අහංකාරකම* මන්තර ගුරුකම් හා රූපවලට*+ නමස්කාර කිරීම තරම්ම දුෂ්ටකමක්. ඔබ යෙහෝවා දෙවිගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා+ ඔහුද ඔබව ප්‍රතික්ෂේප කර රජකමෙන් පහ කරනවා.”+ 2 සාමුවෙල් 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ මොහොතේ යෙහෝවා දෙවි උස්සාහ් සමඟ මහත් සේ උදහස් විය.+ ඔහු කළ ඒ අගෞරවනීය ක්‍රියාව නිසා සැබෑ දෙවි ඔහුට පහර දුන්නේය.+ සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල ඔහු මැරී වැටුණේය.+ 2 ලේකම් 26:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔහු බලවත් පාලකයෙකු වූ විට උඩඟු ලෙස ක්‍රියා කළේය.+ කොතරම් උඩඟු වූවාද+ කිවහොත් ඔහු තම දෙවි වන යෙහෝවාට විරුද්ධවද ක්‍රියා කළේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය මත සුගන්ධ ද්‍රව්‍ය දැවීම සඳහා යෙහෝවා දෙවිගේ මාලිගාවට ඇතුල් වීමට තරම් එඩිතර විය.+
6 එවිට සැබෑ දෙවි සිහිනයකින් ඔහුට මෙසේ කීවේය. “ඔබ මේ දේ කළේ නොදන්නාකමින් කියා මමත් දනිමි.+ ඇයට අත තබන්න ඔබට ඉඩ නොදී+ මට විරුද්ධව පව් කිරීමෙන්+ ඔබව වැළැක්වූවේ ඒ නිසයි.
12 නමුත් කෙනෙක් ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ සේවය කරන පූජකයා හෝ විනිශ්චයකරු ලබා දෙන මඟ පෙන්වීම්වලට සවන් නොදී තම හිතුමතේට ක්‍රියා කරනවා නම්+ ඔහුව මරා දමන්න.+ මෙසේ, ඔබ ඊශ්‍රායෙල් දේශයෙන් දුෂ්ටකම ඉවත් කළ යුතුයි.+
23 කැරලිකාරකම+ පේන කීම තරම්ම බරපතළ පාපයක්.+ අහංකාරකම* මන්තර ගුරුකම් හා රූපවලට*+ නමස්කාර කිරීම තරම්ම දුෂ්ටකමක්. ඔබ යෙහෝවා දෙවිගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා+ ඔහුද ඔබව ප්‍රතික්ෂේප කර රජකමෙන් පහ කරනවා.”+
7 ඒ මොහොතේ යෙහෝවා දෙවි උස්සාහ් සමඟ මහත් සේ උදහස් විය.+ ඔහු කළ ඒ අගෞරවනීය ක්‍රියාව නිසා සැබෑ දෙවි ඔහුට පහර දුන්නේය.+ සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල ඔහු මැරී වැටුණේය.+
16 නමුත් ඔහු බලවත් පාලකයෙකු වූ විට උඩඟු ලෙස ක්‍රියා කළේය.+ කොතරම් උඩඟු වූවාද+ කිවහොත් ඔහු තම දෙවි වන යෙහෝවාට විරුද්ධවද ක්‍රියා කළේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය මත සුගන්ධ ද්‍රව්‍ය දැවීම සඳහා යෙහෝවා දෙවිගේ මාලිගාවට ඇතුල් වීමට තරම් එඩිතර විය.+