ගීතාවලිය 46:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ජාතීහු කැලඹුණෝය.+ රාජ්‍යයන් බිඳ වැටිණ.ඔහුගේ හඬට පොළොව දිය වී ගියේය.+ ගීතාවලිය 68:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 68 දෙවියනි, නැඟී සිට+ ඔබේ සතුරන්ව විසුරුවාහරින්න.+ඔබට වෛර කරන්නෝ පරාජයට පත් වී පලා යත්වා!+ යෙසායා 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ජාතීන්+ වේගයෙන් ගලා යන ජල ධාරා මෙන් කෑ මොර ගසන නමුත් දෙවි ඔවුන්ට තරවටු කරයි.+ ඔවුහු හැරී විගස පලා යන්නෝය. කඳු බෑවුම් අසල සුළඟට ගසාගෙන යන දහයියා මෙන්ද සුළිසුළඟට හසු වූ වියළී ගිය පැළෑටියක් මෙන්ද ඔවුහු ගසාගෙන යන්නෝය.+
13 ජාතීන්+ වේගයෙන් ගලා යන ජල ධාරා මෙන් කෑ මොර ගසන නමුත් දෙවි ඔවුන්ට තරවටු කරයි.+ ඔවුහු හැරී විගස පලා යන්නෝය. කඳු බෑවුම් අසල සුළඟට ගසාගෙන යන දහයියා මෙන්ද සුළිසුළඟට හසු වූ වියළී ගිය පැළෑටියක් මෙන්ද ඔවුහු ගසාගෙන යන්නෝය.+