9 රන් හා රිදී ගින්නට දමා අපද්‍රව්‍ය ඉවත් කරන්නාක් මෙන්+ බේරී ජීවත් වන ඒ අයව මම සෝදිසි කර+ පවිත්‍ර තත්වයකට ගෙනෙන්නෙමි.+ ඒ සෙනඟ මාගේ නාමය කියා මට හඬගසනු ඇත. එවිට මමද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි.+ ‘මේ මාගේ සෙනඟ’+ කියා මම ඔවුන්ව පිළිගන්නෙමි. ඔවුහුද, ‘යෙහෝවා අපේ දෙවිය’ කියා කියනු ඇත.”+