3 එතැනට යන බොහෝ ජනයා මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු. එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+