යෙසායා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ දවසේදී, යෙහෝවා දෙවි හටගන්න සලස්වන අංකුරය+ හොඳින් වැඩී දේශය අලංකාරවත් කර ගෞරවයට පත් කරන්නේය.+ දේශයෙන් ලැබෙන පලදාව ඊශ්රායෙල් සෙනඟ අතරින් ඉතුරු වූ අයට ඉතා අලංකාර දසුනක් වනු ඇත.+ ඔවුහු ඒ ගැන බොහෝ සෙයින් ආඩම්බර වන්නෝය.+ යෙසායා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙස්සේගේ+ කඳෙන් අංකුරයක්+ හටගන්නේය. ඔහුගේ මුල්වලින් පැළෑටියක්+ හටගෙන පල දරන්නේය.+ යෙසායා 53:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු අංකුරයක්+ මෙන්ද වියළි බිමක මතු වන මුලක් මෙන්ද ජනයා ඉදිරියේ වැඩෙයි. ඔහුට සිත් ඇදගන්නා, තේජවත් පෙනුමක් නැත.+ අප ඔහු දෙස බැලුවත් සිත ආකර්ෂණය කරගන්නා කිසිවක් ඔහු තුළ දක්නට නොලැබෙයි.+ යෙරෙමියා 33:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකුව ඒ කාලයේදී මම බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨකමින් දේශය පාලනය කරනු ඇත.+ සෙකරියා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘උත්තම පූජක යොෂුවා, මා දැන් ඔබට කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉදිරියේ වාඩි වී සිටින පුරුෂයෙනි, අනාගතයේ සිදු වීමට නියමිත දෙයක් ඔබෙන් නියෝජනය කරයි.+ එබැවින් ඔබත් මට සවන් දෙන්න. ඉදිරියේදී අංකුරය ලෙස හඳුන්වන+ මාගේ සේවකයාව මම එවන්නෙමි.+ මතෙව් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නාසරෙත් නම් නගරයට+ පැමිණ එහි වාසය කළේය. එසේ වූයේ, ‘ඔහුව නාසරෙත්හි වැසියෙක්යයි හඳුන්වනු ලබන්නේය’+ කියා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේ ඉටු වීම සඳහාය. යොහන් 1:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ෆිලිප් නතානියෙල්ව+ හමු වී, “අපිට නාසරෙත් නුවරින් පැමිණි යේසුස් නම් කෙනෙක්ව හමු වුණා. ඔහුගේ පියා යෝසෙප්.+ මෝසෙස්ට දෙන ලද නීතියෙත්+ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ සඳහන් තැනැත්තා ඔහුයි” කියා කීවේය.
2 ඒ දවසේදී, යෙහෝවා දෙවි හටගන්න සලස්වන අංකුරය+ හොඳින් වැඩී දේශය අලංකාරවත් කර ගෞරවයට පත් කරන්නේය.+ දේශයෙන් ලැබෙන පලදාව ඊශ්රායෙල් සෙනඟ අතරින් ඉතුරු වූ අයට ඉතා අලංකාර දසුනක් වනු ඇත.+ ඔවුහු ඒ ගැන බොහෝ සෙයින් ආඩම්බර වන්නෝය.+
2 ඔහු අංකුරයක්+ මෙන්ද වියළි බිමක මතු වන මුලක් මෙන්ද ජනයා ඉදිරියේ වැඩෙයි. ඔහුට සිත් ඇදගන්නා, තේජවත් පෙනුමක් නැත.+ අප ඔහු දෙස බැලුවත් සිත ආකර්ෂණය කරගන්නා කිසිවක් ඔහු තුළ දක්නට නොලැබෙයි.+
15 දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකුව ඒ කාලයේදී මම බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨකමින් දේශය පාලනය කරනු ඇත.+
8 “‘උත්තම පූජක යොෂුවා, මා දැන් ඔබට කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉදිරියේ වාඩි වී සිටින පුරුෂයෙනි, අනාගතයේ සිදු වීමට නියමිත දෙයක් ඔබෙන් නියෝජනය කරයි.+ එබැවින් ඔබත් මට සවන් දෙන්න. ඉදිරියේදී අංකුරය ලෙස හඳුන්වන+ මාගේ සේවකයාව මම එවන්නෙමි.+
23 නාසරෙත් නම් නගරයට+ පැමිණ එහි වාසය කළේය. එසේ වූයේ, ‘ඔහුව නාසරෙත්හි වැසියෙක්යයි හඳුන්වනු ලබන්නේය’+ කියා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේ ඉටු වීම සඳහාය.
45 ෆිලිප් නතානියෙල්ව+ හමු වී, “අපිට නාසරෙත් නුවරින් පැමිණි යේසුස් නම් කෙනෙක්ව හමු වුණා. ඔහුගේ පියා යෝසෙප්.+ මෝසෙස්ට දෙන ලද නීතියෙත්+ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ සඳහන් තැනැත්තා ඔහුයි” කියා කීවේය.