2 “මනුෂ්‍ය පුත්‍රය, තීර් වැසියන්ගේ නායකයාට මේ දේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.
“‘“‘මම දෙවි කෙනෙකි.+ මම මහ මුහුද මැද+ දෙවි කෙනෙකුගේ සිංහාසනයේ හිඳ රජකම් කරමි’+ කියා ඔබ ඉතා උඩඟු ලෙස පවසන්නෙහිය.+ ඔබ සිතන්නේ ඔබ දෙවි කෙනෙකු කියාය.+ එහෙත් ඇත්තටම ඔබ නිකම්ම නිකම් මිනිසෙකු පමණයි.+