යෙරෙමියා 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්‍රකාශ කරති.+ යෙරෙමියා 23:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “අනාවැකි පැවසීමට මම අනාගතවක්තෘවරුන්ව යැව්වේ නැත. නමුත් ඔවුහු ගියෝය. මම ඔවුන්ට කිසිවක් පැවසුවේ නැත. නමුත් ඔවුහු අනාවැකි පැවසුවෝය.+ යෙරෙමියා 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අනාගතවක්තෘ යෙරෙමියා, හනනියාට මෙසේද පැවසුවේය.+ “හනනියා, මා කියන දේට සවන් දෙන්න. ඔබ පවසන අනාවැකි යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒවා නොවෙයි. ඔබේ බොරු අනාවැකි විශ්වාස කිරීමට ඔබ මේ සෙනඟව පොලඹවා තිබෙනවා.+ එසකියෙල් 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “‘ඔබ අසත්‍ය දේවල් කතා කළ නිසාත් බොරු දර්ශන දුටු නිසාත් මම ඔබට විරුද්ධව නැඟී සිටින්නෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.” 2 පේතෘස් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කෙසේවෙතත් දෙවිගේ සෙනඟ අතරෙහි බොරු අනාගතවක්තෘවරු සිටියෝය. එලෙසම ඔබ අතරෙහිත් බොරු ගුරුවරු සිටිනු ඇත.+ ඔවුහු රහසිගතව, විනාශකාරී බොරු ඉගැන්වීම් ඔබ අතරෙහි පතුරුවමින් තමන්ව මිල දී ගත් ස්වාමීන්ව පවා ප්‍රතික්ෂේප කරන්නෝය.+ නමුත් ඔවුහු හදිසියේම විනාශයට ලක් වනු ඇත.
14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්‍රකාශ කරති.+
21 “අනාවැකි පැවසීමට මම අනාගතවක්තෘවරුන්ව යැව්වේ නැත. නමුත් ඔවුහු ගියෝය. මම ඔවුන්ට කිසිවක් පැවසුවේ නැත. නමුත් ඔවුහු අනාවැකි පැවසුවෝය.+
15 අනාගතවක්තෘ යෙරෙමියා, හනනියාට මෙසේද පැවසුවේය.+ “හනනියා, මා කියන දේට සවන් දෙන්න. ඔබ පවසන අනාවැකි යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒවා නොවෙයි. ඔබේ බොරු අනාවැකි විශ්වාස කිරීමට ඔබ මේ සෙනඟව පොලඹවා තිබෙනවා.+
8 “‘එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “‘ඔබ අසත්‍ය දේවල් කතා කළ නිසාත් බොරු දර්ශන දුටු නිසාත් මම ඔබට විරුද්ධව නැඟී සිටින්නෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
2 කෙසේවෙතත් දෙවිගේ සෙනඟ අතරෙහි බොරු අනාගතවක්තෘවරු සිටියෝය. එලෙසම ඔබ අතරෙහිත් බොරු ගුරුවරු සිටිනු ඇත.+ ඔවුහු රහසිගතව, විනාශකාරී බොරු ඉගැන්වීම් ඔබ අතරෙහි පතුරුවමින් තමන්ව මිල දී ගත් ස්වාමීන්ව පවා ප්‍රතික්ෂේප කරන්නෝය.+ නමුත් ඔවුහු හදිසියේම විනාශයට ලක් වනු ඇත.