ද්විතීය කතාව 28:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 “යෙහෝවා දෙවි දුර ඈත+ ජීවත් වන, නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්+ ඔබට විරුද්ධව එවයි. රාජාලියෙක් තම ගොදුර ඩැහැගන්නාක් මෙන්+ ඔවුන්ද හදිස්සියේම ඔබේ දේශයට කඩාවදියි. විලාප ගී 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 රාජාලීන්ටත් වඩා වේගයෙන් අපේ සතුරෝ අපි පසුපස ලුහුබැඳ ආවෝය.+කඳු මුදුන්වලට පවා ඔවුහු අපව සොයාගෙන ආවෝය.+ අප පාළුකරයට දිව යන විට ඔවුහු මඟ රැක සිටියෝය.+ හොෂෙයා 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘හොරණෑව පිඹින්න සූදානම් වෙන්න!+ සතුරෝ රාජාලියෙකු මෙන්+ යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට හදිසියෙන් කඩාවදින්නෝය. මන්ද මාගේ සෙනඟ මාගේ ගිවිසුමද+ නීතියද කඩ කර තිබේ.+ හබක්කුක් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ගේ අශ්වයෝ පොළොවේ දූවිලි අවුස්සමින් නොඉවසිල්ලෙන් බලා සිටිති. උන් දිවියන්ටත් වඩා වේගවත්ය. රාත්රියේ සැරිසරන වෘකයන්ට වඩා දරුණුය.+ දුර සිට පැමිණෙන උන්, ගොදුර ඩැහැගැනීමට වේගයෙන් බැස එන රාජාලීන් මෙනි.+
49 “යෙහෝවා දෙවි දුර ඈත+ ජීවත් වන, නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්+ ඔබට විරුද්ධව එවයි. රාජාලියෙක් තම ගොදුර ඩැහැගන්නාක් මෙන්+ ඔවුන්ද හදිස්සියේම ඔබේ දේශයට කඩාවදියි.
19 රාජාලීන්ටත් වඩා වේගයෙන් අපේ සතුරෝ අපි පසුපස ලුහුබැඳ ආවෝය.+කඳු මුදුන්වලට පවා ඔවුහු අපව සොයාගෙන ආවෝය.+ අප පාළුකරයට දිව යන විට ඔවුහු මඟ රැක සිටියෝය.+
8 “‘හොරණෑව පිඹින්න සූදානම් වෙන්න!+ සතුරෝ රාජාලියෙකු මෙන්+ යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට හදිසියෙන් කඩාවදින්නෝය. මන්ද මාගේ සෙනඟ මාගේ ගිවිසුමද+ නීතියද කඩ කර තිබේ.+
8 ඔවුන්ගේ අශ්වයෝ පොළොවේ දූවිලි අවුස්සමින් නොඉවසිල්ලෙන් බලා සිටිති. උන් දිවියන්ටත් වඩා වේගවත්ය. රාත්රියේ සැරිසරන වෘකයන්ට වඩා දරුණුය.+ දුර සිට පැමිණෙන උන්, ගොදුර ඩැහැගැනීමට වේගයෙන් බැස එන රාජාලීන් මෙනි.+