48 ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්රායෙල්හි දෙවිද වන යෙහෝවා මෝවබ්+ ගැන පවසන්නේ මෙයයි.+ “නෙබෝ නගරයට සිදු වූ විපත මොන තරම් දරුණුද!+ ඇය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොසින්ය. සතුරාගේ අතට හසු වූ කිර්යතායිම් නගරය+ අද්දුටු ලැජ්ජාව මොන තරම්ද! දැවැන්ත බලකොටුව සුනුවිසුනු වී ගොසින්ය. එහි වැසියෝ බියෙන් වෙළී සිටිති.+