-
එස්තර් 8:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 තුන්වන මාසයේ එනම්, සීවාන් මාසයේ විසිතුන්වනදා රජුගේ ලේකම්වරුන්ව+ කැඳවීය. මොර්දෙකයි අණ කළ සියල්ල ලේකම්වරුන් ලවා ලියවිල්ලක ලියා යුදෙව්වරුන්ටත් දිසාපතීන්ටත්+ ආණ්ඩුකාරයන්ටත් යවන ලදි. එමෙන්ම ඉන්දියාවේ සිට ඉතියෝපියාව දක්වා තිබූ සියලු පළාත්වල එනම්, පළාත් එකසිය විසිහතක+ වෙසෙන අධිපතීන්ටද එය යවන ලදි. ඒ ඒ පළාත්වල ජීවත් වූ සෙනඟගේ භාෂාවලින්+ හා ඔවුන්ට කියවිය හැකි අකුරුවලින් ඒවා ලියන ලදි.+ යුදෙව්වරුන්ට යැවූ ලියවිල්ල ලියන ලද්දේ ඔවුන්ගේම භාෂාවෙන් හා ඔවුන්ට කියවිය හැකි අකුරුවලින්ය.+
-