-
නෙහෙමියා 9:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 ඔවුන් ඔබට කිසි ලෙසකින්වත් සවන් දුන්නේ නැහැ.+ ඔබ ඔවුන් වෙනුවෙන් කළ පුදුම ක්‍රියා සිහි කළේවත් නැහැ.+ ඔවුන් නායකයෙකුව+ පත් කරගෙන නැවතත් ඊජිප්තුවේ මෙහෙකාරකම් කරන්න යන්න සූදානම් වුණා. දෙවියනි, ඔවුන් මෙතරම් සිත් දැඩි කරගෙන+ සිටියත් ඔබ ඔවුන්ව අත්හැරියේ නැහැ.+ මන්ද ඔබ සමාව දීමට කැමති+ කරුණාවන්ත+ හා දයාන්විත+ දෙවි කෙනෙක්. ඉමහත්+ ප්‍රේමයක්* පෙන්වන ඔබ කෝප වීමට ඉක්මන් වන්නෙත් නැහැ.+
-
-
යෝනා 4:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ඔහු යෙහෝවා දෙවිට යාච්ඤා කරමින් මෙසේ කීවේය. “යෙහෝවා දෙවියනි, ඔබ මේ වගේ දෙයක් කරාවි කියා මම මගේම රටේ සිටියදී දැනගෙන සිටියා. ඔබ ඉතා කරුණාවන්ත, දයාන්විත දෙවි කෙනෙක් බව මම දන්නවා.+ ඔබ ඉක්මනින් කෝප නොවන බොහෝ සෙයින් ප්‍රේමය* පෙන්වන දෙවි කෙනෙක්.+ ඔබ දඬුවමක් නියම කළ පසුත් අනුකම්පා කර තීරණය වෙනස් කරන බව මම දන්නවා.+ මම තර්ෂිෂ් වෙතට පලා යන්න+ තීරණය කළෙත් ඒ නිසයි.
-