17 එවිට මිකායා මෙසේ පැවසුවේය. “එඬේරෙක් නැති බැටළුවන් මෙන්+ ඊශ්‍රායෙල්වරු කඳුකරයේ ඒ මේ අත විසිර සිටින ආකාරය මට පෙනෙනවා.+ ඒ ගැන යෙහෝවා දෙවි මෙසේ පවසනවා. ‘ඔවුන්ව බලාගැනීමට ස්වාමිවරු නැත. එබැවින් ඔවුන් එක් එක් කෙනාට තම තමන්ගේ නිවෙස්වලට සමාදානයෙන් යන්න ඉඩ දෙන්න.’”+