ගණන් කතාව 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ජීවමාන දෙවි මමයි. ඒ නිසා යෙහෝවා දෙවි වන මාගේ තේජසින් මේ පොළොව පිරී යන බව ස්ථිරයි.+ යෙසායා 49:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබේ ඇස් ඇර වටපිට බලන්න. ඔවුහු සියලුදෙනාම එක් රැස් වී+ ඔබ වෙත පැමිණෙන්නෝය. යෙහෝවා දෙවි වන මා ජීවමානය. ඒ නිසා මා කියන මේ දේ ස්ථිර වශයෙන්ම සිදු වන්නේය.+ ‘ඒ සියලුදෙනාම ඔබව අලංකාර කරන ආභරණ මෙන් වන්නෝය. ඔබව වට කරගෙන සිටින ඔවුන් නිසා ඔබ ආභරණ පැළඳගත් මනාලියක් මෙන් වන්නෙහිය.’+ යෙරෙමියා 46:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නමින් හඳුන්වන+ රජ මෙසේ පවසන්නේය. ‘ඔහු අනිවාර්යයෙන්ම පැමිණෙන බව ජීවමාන දෙවි වන මම පවසමි. ඔහුගේ පැමිණීම කොතරම් තේජාන්විතද කිවහොත් එය කඳු අතරින් කැපීපෙනෙන තාබෝර් කන්ද+ මෙන් වන්නේය. මුහුද අසල පිහිටි කර්මෙල් කඳුවැටිය+ මෙන්ද වන්නේය. රෝම 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ලියවිලිවල සඳහන් වී ඇති ආකාරයට, “‘සියලු ජනයා මා ඉදිරියෙහි දණ නමන බවත් සියලු ජනයා මාව දෙවි ලෙස එකහෙළාම පිළිගන්නා බවත්+ ජීවමාන දෙවි වන මම සහතිකවම පවසන්නෙමි’ කියා යෙහෝවා දෙවි කියන්නේය.”+
18 ඔබේ ඇස් ඇර වටපිට බලන්න. ඔවුහු සියලුදෙනාම එක් රැස් වී+ ඔබ වෙත පැමිණෙන්නෝය. යෙහෝවා දෙවි වන මා ජීවමානය. ඒ නිසා මා කියන මේ දේ ස්ථිර වශයෙන්ම සිදු වන්නේය.+ ‘ඒ සියලුදෙනාම ඔබව අලංකාර කරන ආභරණ මෙන් වන්නෝය. ඔබව වට කරගෙන සිටින ඔවුන් නිසා ඔබ ආභරණ පැළඳගත් මනාලියක් මෙන් වන්නෙහිය.’+
18 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නමින් හඳුන්වන+ රජ මෙසේ පවසන්නේය. ‘ඔහු අනිවාර්යයෙන්ම පැමිණෙන බව ජීවමාන දෙවි වන මම පවසමි. ඔහුගේ පැමිණීම කොතරම් තේජාන්විතද කිවහොත් එය කඳු අතරින් කැපීපෙනෙන තාබෝර් කන්ද+ මෙන් වන්නේය. මුහුද අසල පිහිටි කර්මෙල් කඳුවැටිය+ මෙන්ද වන්නේය.
11 ලියවිලිවල සඳහන් වී ඇති ආකාරයට, “‘සියලු ජනයා මා ඉදිරියෙහි දණ නමන බවත් සියලු ජනයා මාව දෙවි ලෙස එකහෙළාම පිළිගන්නා බවත්+ ජීවමාන දෙවි වන මම සහතිකවම පවසන්නෙමි’ කියා යෙහෝවා දෙවි කියන්නේය.”+