-
ද්විතීය කතාව 13:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඒ අනාගතවක්තෘවරයා+ හෝ සිහින දකින්නා උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසීමට ඔබව පොලඹවා දෙවි දෙන මඟ පෙන්වීම්වලින් ඔබව ඉවත් කරන්නයි.+ ඒ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහුව මරා දමා ඒ දුෂ්ටකම ඔබ අතරින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.+ ඊජිප්තුවේ වහලුන්ව සිටි ඔබව බේරාගත්තේ ඔබේ දෙවි වන යෙහෝවා බව මතක තබාගන්න.
-
-
යෙරෙමියා 23:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 යෙරුසලමේ අනාගතවක්තෘවරු ඊටත් වඩා වැඩියෙන් පිළිකුල්සහගත ලෙස ක්රියා කරන්නෝය.+ අනාචාරයේ යෙදෙන ඔවුහු+ බොරු දේවල් උගන්වති.+ දුෂ්ටයන් තමන්ගේ වැරදි මාර්ගවලින් ඉවත්ව නොයන ලෙස අනාගතවක්තෘවරු ඔවුන්ගේ වැරදි ක්රියාවලට තව තවත් රුකුල් දෙති.+ මට ඔවුන් සෑම කෙනෙකුම සොදොම්හි වැසියන් මෙනි.+ යෙරුසලමේ වැසියන් මට ගොමෝරාවේ වැසියන් මෙනි.”+
-