2 “ගොස් යෙරුසලමේ වැසියන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.+ “ඔබ තරුණ වියේදී මට ඇලුම්ව සිටි ආකාරය මට අමතක වී නැත.+ විවාහ ගිවිසගෙන සිටි කාලයේදී ඔබට මා ගැන තිබූ ආදරය+ නිසා ගස් කොළන් නැති, දුෂ්කර දේශයක් වූ පාළුකරයේදී පවා ඔබ මා පසුපස ආ හැටිත්+ මට හොඳින් මතකය.