මතෙව් 21:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 නායක පූජකයෝද පරිසිවරුද ඔහුගේ උපමා ඇසූ විට ඔහු තමන් ගැන කතා කරමින් සිටි බව තේරුම්ගත්තෝය.+ මාක් 11:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු පැවසූ දේ නායක පූජකයන්ටත් නීතිය පිටපත් කරන්නන්ටත් ඇසුණු විට ඔවුහු යේසුස්ව මරා දැමීමට මං සෙවූහ.+ නමුත් ඔහු ඉගැන්වූ දේවල් අසා මුළු සමූහයා නිතරම මවිතයට පත් වන ආකාරය+ දුටු ඔවුහු ඔහුට භය වූහ. ලූක් 20:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යේසුස් එම උපමාව කිව්වේ තමන් ගැන බව වටහාගත්+ නීතිය පිටපත් කරන්නෝ සහ නායක පූජකයෝ ඒ පැයේදීම ඔහුව අල්ලාගැනීමට මඟක් සෙවූහ. නමුත් ඔවුන් රැස්ව සිටි සෙනඟට බියෙන් සිටි නිසා ඔවුන්ට කිසිම දෙයක් කරන්න බැරි විය.
18 ඔහු පැවසූ දේ නායක පූජකයන්ටත් නීතිය පිටපත් කරන්නන්ටත් ඇසුණු විට ඔවුහු යේසුස්ව මරා දැමීමට මං සෙවූහ.+ නමුත් ඔහු ඉගැන්වූ දේවල් අසා මුළු සමූහයා නිතරම මවිතයට පත් වන ආකාරය+ දුටු ඔවුහු ඔහුට භය වූහ.
19 යේසුස් එම උපමාව කිව්වේ තමන් ගැන බව වටහාගත්+ නීතිය පිටපත් කරන්නෝ සහ නායක පූජකයෝ ඒ පැයේදීම ඔහුව අල්ලාගැනීමට මඟක් සෙවූහ. නමුත් ඔවුන් රැස්ව සිටි සෙනඟට බියෙන් සිටි නිසා ඔවුන්ට කිසිම දෙයක් කරන්න බැරි විය.