මතෙව් 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවිඩය ඇසුවත් එහි නියම අර්ථය වටහාගන්නේ නැත්නම් දුෂ්ටයා+ ඇවිත් ඔහුගේ සිතේ වපුරා තිබූ දේ උදුරාගනියි. මඟ දිගේ වපුරා තිබූ බීජවලට සිදු වුණු දේ එවැනි කෙනෙකුට සිදු වන දේට සමානයි. මාක් 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එම පණිවිඩය මඟ දිගේ වපුරනු ලැබුවා. එයින් අදහස් වන්නේ ඒ පණිවිඩය ඇසූ විගස, සාතන් ඇවිත්+ එය ඇසූ අයගේ සිත් තුළ තිබූ පණිවිඩය පැහැරගෙන ගිය බවයි.+ 1 කොරින්ති 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මේ ලෝකයේ ජනයා තම ප්‍රඥාව මත රඳා සිටින නිසා+ ඔවුහු දෙවිව දැන හඳුනා ගෙන නැත.+ එහෙයින් ලෝකයේ ජනයාට මෝඩ දෙයක් ලෙස පෙනෙන+ පණිවිඩයක් දේශනා කර එය විශ්වාස කරන අයව පමණක් බේරාගැනීම සුදුසු බව දෙවි තීරණය කළේය. අප දෙවිගේ ප්‍රඥාව දකින්නේ එලෙසය. 2 කොරින්ති 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් අප ප්‍රකාශ කරන ශුභාරංචිය වැස්මකින් වැසී තිබෙන්නේ විනාශ වන අයටය.+
19 යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවිඩය ඇසුවත් එහි නියම අර්ථය වටහාගන්නේ නැත්නම් දුෂ්ටයා+ ඇවිත් ඔහුගේ සිතේ වපුරා තිබූ දේ උදුරාගනියි. මඟ දිගේ වපුරා තිබූ බීජවලට සිදු වුණු දේ එවැනි කෙනෙකුට සිදු වන දේට සමානයි.
15 එම පණිවිඩය මඟ දිගේ වපුරනු ලැබුවා. එයින් අදහස් වන්නේ ඒ පණිවිඩය ඇසූ විගස, සාතන් ඇවිත්+ එය ඇසූ අයගේ සිත් තුළ තිබූ පණිවිඩය පැහැරගෙන ගිය බවයි.+
21 මේ ලෝකයේ ජනයා තම ප්‍රඥාව මත රඳා සිටින නිසා+ ඔවුහු දෙවිව දැන හඳුනා ගෙන නැත.+ එහෙයින් ලෝකයේ ජනයාට මෝඩ දෙයක් ලෙස පෙනෙන+ පණිවිඩයක් දේශනා කර එය විශ්වාස කරන අයව පමණක් බේරාගැනීම සුදුසු බව දෙවි තීරණය කළේය. අප දෙවිගේ ප්‍රඥාව දකින්නේ එලෙසය.