ද්විතීය කතාව 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් හත්වන දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න.+ ඔබවත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාසදාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරවල ජීවත් වන විදේශිකයන්වත්+ එදින කිසි වැඩක් නොකළ යුතුයි.+ එවිට ඔබට මෙන්ම ඔබේ දාසදාසීන්ටත් එදින නිවාඩු ගෙන වෙහෙස නිවාගත හැකියි.+ මතෙව් 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහි අතක් පණ නැති මිනිසෙක් සිටියේය.+ එවිට, “සබත් දවසේ සුව කිරීමෙහි වරදක් නැද්ද” කියා එම පරිසිවරු යේසුස්ගෙන් ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ ඔහුට විරුද්ධව චෝදනා කිරීමට හේතුවක්+ සොයාගැනීම සඳහාය. මාක් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු ඒ මිනිසාව සබත් දවසේදී සුව කරයිද කියා පරිසිවරු මහත් ඕනෑකමින් බලා සිටියෝය. එසේ කළේ ඔහුව සුව කළොත් යේසුස්ට විරුද්ධව චෝදනා කිරීමේ අදහසිනි.+ යොහන් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යේසුස් මේ දේවල් සබත් දවසේදී කළ නිසා යුදෙව්වරු යේසුස්ට චෝදනා එල්ල කළෝය.+
14 නමුත් හත්වන දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න.+ ඔබවත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාසදාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරවල ජීවත් වන විදේශිකයන්වත්+ එදින කිසි වැඩක් නොකළ යුතුයි.+ එවිට ඔබට මෙන්ම ඔබේ දාසදාසීන්ටත් එදින නිවාඩු ගෙන වෙහෙස නිවාගත හැකියි.+
10 එහි අතක් පණ නැති මිනිසෙක් සිටියේය.+ එවිට, “සබත් දවසේ සුව කිරීමෙහි වරදක් නැද්ද” කියා එම පරිසිවරු යේසුස්ගෙන් ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ ඔහුට විරුද්ධව චෝදනා කිරීමට හේතුවක්+ සොයාගැනීම සඳහාය.
2 ඔහු ඒ මිනිසාව සබත් දවසේදී සුව කරයිද කියා පරිසිවරු මහත් ඕනෑකමින් බලා සිටියෝය. එසේ කළේ ඔහුව සුව කළොත් යේසුස්ට විරුද්ධව චෝදනා කිරීමේ අදහසිනි.+