28 දේවමාලිගාවෙහි උගන්වමින් සිටි යේසුස්, ඒ දේවල් අසා හඬ නඟා මෙසේ පැවසුවේය. “මා කවුද කියාත් මා පැමිණියේ කොහෙන්ද කියාත් ඔබ දන්නවා.+ මම ආවේ මගේම කැමැත්ත ඉටු කරන්න නොවෙයි.+ මම ආවේ මාව එවූ තැනැත්තා නිසයි. ඔහු සැබෑ පුද්ගලයෙක්.+ නමුත් ඔබ ඔහුව හඳුනන්නේ නැහැ.+