15 දෙවි නැවතත් මෝසෙස්ට මෙසේ කීවේය.
“ඔබ ඊශ්රායෙල් පුත්රයන්ට මෙසේ කියන්න. ‘ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, එසේය ආබ්රහම්ගේ,+ ඊසාක්ගේ+ සහ යාකොබ්ගේ+ දෙවි ඔබ වෙතට මාව එව්වේය.’ සදහටම මගේ නාමය එයයි.+ පරම්පරාවෙන් පරම්පරාවට+ මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය.