7 එලෙසම+ ස්වාමිපුරුෂයෙනි, ඔබත් ඔබේ භාර්යාවන්ව හොඳින් තේරුම්ගෙන+ ඔවුන් සමඟ ජීවත් වන්න. කාන්තාවන් වන ඔවුන් ඔබට වඩා දුර්වල අය වන නිසාත් ඔවුන් ඔබ සමඟ ජීවනය නමැති මහත් වරප්රසාදයට උරුමකම් කියන නිසාත්+ ඔවුන්ට ගෞරවය දිය යුතුයි.+ එසේ කිරීමෙන් ඔබේ යාච්ඤාවලට කිසි බාධාවක් ඇති නොවේ.+