යෝබ්
35 එලිහු තවදුරටත් පිළිතුරු දෙමින් මෙසේ කීවේය.
2 “ඔබ කතා කරන ආකාරය සාධාරණයි කියා ඔබ සිතනවාද?
‘මම දෙවිට වඩා ධර්මිෂ්ඨයි’ කියා ඔබ කීවෙහිය.+
3 ‘මා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළා කියා එයින් කිසි ප්‍රයෝජනයක් තිබේද?+
මා පාපයෙන් වැළකී සිටියත් එයින් ඇති වාසිය කුමක්ද? මා ගත කරන්නේ පව්කාරයන්ට වඩා හොඳ ජීවිතයක්ද’ කියාත් ඔබ ඇසුවෙහිය.+
6 ඔබ පව් කළොත් එයින් දෙවිට යම් හානියක් සිදු වෙනවාද?+
ඔබ දිගින් දිගටම දෙවිට විරුද්ධව කැරලිගැසුවත් එයින් දෙවිට යම් අවාසියක් සිදු වෙනවාද?
7 යහපත් ජීවිතයක් ගත කිරීම දෙවිට කරන උදව්වක් කියා ඔබ සිතුවාද?
දෙවි කවදාවත් ඔබෙන් උදව්වක් ඉල්ලා තිබෙනවාද?+
8 දුෂ්ටකම් කර, ඔබ හා සමාන වෙනත් මිනිසෙකුට හානියක් කළ හැකිය.+
ධර්මිෂ්ඨ ක්‍රියාවක් කර, වෙනත් මිනිසෙකුට ප්‍රයෝජන අත් කර දීමටත් ඔබට හැකිය.+
9 මිනිසා දුක් පීඩාවලින් හෙම්බත් වූ විට උපකාර ඉල්ලති.+
බලහත්කාරකම් කරන අයගේ අතින් ගලවාගන්න කියා හඬා වැලපෙමින් පිහිට පතති.+
10 එහෙත්, ‘රාත්රියේදී ප්‍රශංසා ගී ගැයීමට සලස්වන්නාවූ,+
මාව නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ දෙවි+ කොහේද’ කියා එක් කෙනෙක්වත් අසන්නේ නැත.
11 සතුන්ට+ ලබාගත නොහැකි දැනුම මිනිසාට ලබා දෙන්නේ ඔහුයි.+
අහසේ පියාසර කරන පක්ෂීන්ට වඩා ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමට අපට හැකියාව ලබා දෙන්නෙත් ඔහුයි.
13 වංක සිතින් කතා කරන අයගේ කන්නලව්වලට දෙවි සවන් දෙන්නේ නැත.+
සියලු බලැති දෙවි ඔවුන්ව ගණනකටවත් ගන්නේ නැත.+
14 එසේනම් ඔහුව දැකගන්න බැහැ කියා පවසන ඔබට ඔහු සවන් දෙයිද?+
නමුත් ඔබේ නඩුව ඔහුට භාර දී ඇත. ඔහු තීන්දුව දෙන තෙක් බලා සිටින්න.+