කන්ද නඟින විට ගැයූ ගීතයකි.
126 වහල්භාවයේ සිටි සියොන්හි වැසියන්ව යෙහෝවා දෙවි නැවත ඔවුන්ගේ දේශයට ගෙනා විට+
එය අපට සිහිනයක් මෙන් විය.+
2 එකල අපි නිතරම සිනාමුසු මුහුණෙන්ද+
ප්‍රීති ඝෝෂා නඟමින්ද+ සිටියෙමු.
වෙනත් ජාතීන්ට අයත් සෙනඟද මෙසේ පැවසුවෝය.+
“යෙහෝවා දෙවි තම සෙනඟ වෙනුවෙන් කළ දේ මොන තරම් ශ්‍රේෂ්ඨද!”+
3 යෙහෝවා දෙවි අප වෙනුවෙන් පුදුමාකාර දේවල් කර තිබේ.+
එබැවින් අපි මහත් ප්‍රීතියකින් සිටින්නෙමු.+
4 යෙහෝවා දෙවියනි, නෙගෙබ් පාළුකරයෙහි සිඳී ගොස් තිබෙන දිය පාරවල් නැවත ජලයෙන් පිරී යන්නාක් මෙන්+
වහලුන්ව සිටින අපව නැවත එක් රැස් කරන්න.+
5 කඳුළු සලමින් වපුරන්නෝ+
ප්‍රීති ඝෝෂා නඟමින් නෙළාගන්නෝය.+
6 බීජ මල්ලක් රැගෙන+ කඳුළු සලමින් පිටත්ව ගියත්+
ගොයම් මිටි උසුලාගෙන+ ප්‍රීති ඝෝෂා නඟමින් නැවත පැමිණෙන්නෝය.+