2 තෙසලෝනික
1 මෙම ලිපිය ලියන්නේ පාවුල්, සිල්වානස් සහ තිමෝතිය.+ මෙය ලියනු ලබන්නේ අපගේ පියාණන් වන දෙවි සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින තෙසලෝනිකවරුන්ගේ සභාව වෙතටය.
2 පියාණන් වන දෙවිගෙන්ද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!+
3 සහෝදරයෙනි, ඔබ සියලුදෙනාගේම විශ්වාසය තව තවත් ශක්තිමත් වන ආකාරය ගැනද+ එකිනෙකා සඳහා ඔබට තිබෙන ප්‍රේමය වැඩි වන ආකාරය ගැනද+ අපට ආරංචි වී ඇත. ඔබ ගැන දෙවිට නිතරම ස්තුති කළ යුත්තේ ඒ නිසාය.+ 4 දෙවිගේ සභාවන් අතරෙහි ඔබේ සභාව ගැන පැවසීමට අපි ඉමහත් සේ සතුටු වන්නෙමු.+ මන්ද ඔබ බොහෝ පීඩාවලට හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියත් ඔබ ඒවා විඳදරාගනිමින් ශක්තිමත් විශ්වාසයක් ඇතුව ක්‍රියා කරන බව අපි දනිමු.+ 5 එසේ ඔබ දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් බොහෝ දුක් වින්දත්+ එයට පිවිසෙන්න ඔබ සුදුස්සන් බවට පත් වනු ඇත.+ එයින් පැහැදිලිව ඔප්පු වන්නේ දෙවි සෑම දෙයක්ම ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන බවය.+
6 දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+ 7 එමෙන්ම ස්වාමීන් වන යේසුස් තම බලවත් දේවදූතයන් සමඟ+ එළිදරව් වන අවස්ථාවේදී+ දැන් පීඩා විඳින ඔබට අප සමඟම සහනය ලැබෙනු ඇත. 8 ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වන ඒ අවස්ථාවේදී ඔහු දෙවිගේ විනිශ්චය ඉටු කරනු ඇත.+ එසේ කරන්නේ දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට+ හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට+ කීකරු නොවන අයට+ එරෙහිවය. 9 ඔවුන්ට ලැබෙන දඬුවම+ නම් සදාකාල විනාශයයි.+ ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.+ 10 යේසුස් තම ශුද්ධ තැනැත්තන් සමඟ තේජසට පත් වීම සඳහා පැමිණෙන ඒ දවසේදී+ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ සියලුදෙනා ඔහු දෙස මහත් ගෞරවයකින් බලනු ඇත. ඇත්තෙන්ම ඔබත් ඒ අය අතර සිටිනු ඇත. මන්ද අප දුන් සාක්ෂිය කෙරෙහි ඔබ විශ්වාසය තැබූ බව අපි දනිමු.
11 ඔබව කැඳවූ දෙවි ඉදිරියේ ඔබට අවසානය දක්වා සුදුස්සන් ලෙස සිටීමට අවස්ථාව ලැබෙන්න කියාත්+ දෙවි තම බලයෙන් ඉටු කිරීමට අදහස් කරන සෑම යහපත් දෙයක්ම සාර්ථකව ඉටු වෙන්න කියාත් ඔබ විශ්වාසයක් ඇතුව කරන සෑම දෙයක්ම ඔහුගේ ආශීර්වාදයෙන් සාර්ථක වෙන්න කියාත් අප යාච්ඤා කරන්නේ ඒ නිසාය. 12 ඒ දේවල් ඉටු වුණොත් අපගේ ස්වාමීන් වන යේසුස්ගේ නාමයට මහත් ගෞරවයක් ගෙන දෙන්න ඔබට හැකි වන අතර+ ඔහු සමඟ එකට බැඳී සිටින ඔබවද තේජසට පත් වනු ඇත.+ ඒ සියල්ල සිදු වන්නේ අපගේ දෙවිගේ හා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව නිසාය.+