යෝබ්
5 “ඔබට පිළිතුරු දෙන්න කිසිවෙකු සිටින්නේ නම් උපකාර පතා අයැදින්න.
දෙවිගේ ශුද්ධ දූතයන්* අතරින් ඔබ හැරෙන්නේ කා වෙතටද?
2 අඥානයාගේ කිපෙනසුලු ගතිය ඔහුගේම විනාශයට මුලපුරයි.
අන්‍යයන්ට ඊර්ෂ්‍යා කිරීමට පෙලඹෙන තැනැත්තා ඔහුගේම විනාශයට අත වනයි.
4 ඔහුගේ දරුවන්ව මුදවාගන්න කිසිවෙක් නැත.+
නුවර දොරටුව අසලදී ඔවුන්ව පාගා දමන ලදි. ඔවුන්ව ගලවාගන්න කිසිවෙක් නැත.
5 ඔහු වගා කරන දේ කුසගින්නෙන් පෙළෙන අය කා දමති.
වෙනත් අය ඇවිත් කෑමට ඇති ඔහුගේ මස් ටික පවා ඩැහැගනිති.
ජීවිකාව රැකුමට ඔහු සතු සියල්ල කූටයන්ගේ අතට හසු වෙයි.
6 දුක් කරදර භූමියෙන් හට නොගනියි.
විපත්ති ඉබේම මිහිතලයෙන් මතු නොවෙයි.
7 ගිනිමැළයකින් ගිනිපුපුරු නැඟෙන්නාක් මෙන්
මෙලොව එළිය දකින මිනිසාටද දුක් කරදර ඇති වීම නියතය.
8 එහෙත් මම දෙවිගෙන් පිහිට පතා
මාගේ කාරණය ඔහුට භාර දෙන්නෙමි.+
9 දෙවිගේ විස්මිත ක්‍රියා කිසිවෙකුට සොයා තේරුම්ගත නොහැකිය.
ඔහුගේ පුදුම දනවන ක්‍රියා ගණන් කරන්නවත් බැරිය.+
කෙත්වතු සාරවත් කරන්නෙත් දෙවිය.+
11 ඔහු යටහත් අයව උසස් කරන්නේය.+
දුකින් සිටින්නාව ගලවාගන්නේය.
12 දෙවි කූට තැනැත්තාගේ උපායන් පෙරළා දමයි.+
ඔහුගේ සැලසුම් සියල්ල කඩාකප්පල් කරයි.
13 දෙවි කපටි උපා යොදන ප්‍රඥාවන්තයන්ව ඔවුන් ඇටවූ උගුලටම ඇද දමයි.+
ඔවුන් දුන් උපදෙස් සියල්ල කණපිට පෙරළෙයි.+
14 දවාල ඔවුන්ට ගන අඳුරකි.
රෑ යාමයේදී මෙන් මධ්යාහ්නයේත් ඔවුහු අත පත ගාමින් ඇවිදිති.+
15 දෙවි පීඩා කරන්නාගේ මුඛයෙන් නික්මෙන කඩුවෙන් අසරණයාව ගලවයි.
දුප්පතාව බලවතුන්ගේ අතින් මුදාගනියි.+
16 අසරණයාට බලාපොරොත්තුවක් තිබෙන්නේ ඒ නිසාය.+
එනමුත් අධර්මිෂ්ඨයන්ගේ කට වැසී යන්නේය.+
18 දෙවි තුවාල ඇති කරන්නේය. එහෙත් ඒ තුවාල බඳින්නෙත් ඔහුමය.
ඔහු සියල්ල බිඳ දමන්නේය. එහෙත් සුවය ගෙන දෙන්නෙත් ඔහුමය.
21 කසයක් මෙන් පහර දෙන දුෂ්ටයන්ගේ දිව්වලින් ඔබව ආරක්ෂා කරනු ඇත.+
විනාශය අද්දර ඔබට බිය වන්න හේතුවක් නැත.
22 කොල්ලකරුවන් ඉදිරියේදීත් සාගත කාලයේදීත් ඔබ සිනාසෙනු ඇත.
වනයේ සැරිසරන සතුන්ට ඔබ බිය විය යුතු නැත.
24 ඔබ සමාදානයෙන් ඔබේ කූඩාරමේ වසන්නෙහිය.
ඔබේ සත්ව රැළේ එකෙකුටවත් හානියක් සිදු වී නැති බව ඔබ දකින්නෙහිය.
27 අපි මේ සියල්ල සොයා බලා සත්‍යයක් බව අද්දුටුවෙමු.
ඔබත් එය අසා සිතට ගන්න උත්සාහ කරන්න.”