යොෂුවා
11 ඊශ්‍රායෙල් හමුදාව කළ දේවල් ගැන හාෂොර් නගරයේ යාබින් රජුට ආරංචි වූ විට ඔහු මාදොන් නගරයේ රජු වූ+ යෝබාබ්ටද ෂිම්රොන් හා අක්ෂාප් නම් නගරවල රජවරුන්ටද+ පණිවිඩ යැව්වේය. 2 උතුරු දෙසට තිබෙන කඳුකර ප්‍රදේශයේද කින්නෙරෙත්ට*+ දකුණෙන් පිහිටි පාළුකරයේද පහත් බිම්වලද*+ බස්නාහිර දෙසට තිබෙන දෝර්හි+ උස්බිම්වලද සිටි රජවරුන්ටත් ඔහු පණිවිඩ යැව්වේය. 3 නැඟෙනහිර සහ බස්නාහිර දිශාවල වාසය කළ කානානිවරුන්ටත්+ කඳුකර ප්‍රදේශවල වාසය කළ අමෝරිවරුන්,+ හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්+ සහ යෙබූසිවරුන්ටත්+ හෙර්මොන් කන්ද+ පාමුල පිහිටි මිෂ්පා දේශයේ+ සිටි හිවීයවරුන්ටත්+ පණිවිඩ යැව්වේය. 4 එවිට එම රජවරු සියලුදෙනාම තම තමන්ගේ හමුදා රැස් කරගෙන පිටත්ව ආවෝය. මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි මහත් සෙනඟක්+ පිටත්ව ආවෝය. අශ්වයන්+ හා අශ්ව රථ බොහෝ ප්‍රමාණයක් ඇතුව ඔවුහු පිටත්ව ආවෝය. 5 එම රජවරු කලින් නියම කරගත් ස්ථානයක හමු වූහ. පසුව ඔවුහු සියලුදෙනාම ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස මෙරොම්හි ජලාශ ළඟ කඳවුරු බැඳගත්තෝය.+
6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “එම හමුදාවන් ගැන භය නොවන්න.+ හෙට මේ වේලාව වන විට මම ඒ සියලුදෙනාවම ඔබේ අතට භාර දෙන්නෙමි. ඔබ ඔවුන් සියලුදෙනාවම විනාශ කර දමනු ඇත. ඔබ ඔවුන්ගේ අශ්වයන්ට නැඟිටින්න බැරි වන ලෙස තුවාල කර+ ඔවුන්ගේ අශ්ව රථ ගින්නෙන් පුලුස්සා දමන්න.”+ 7 ඉන්පසු යොෂුවා තම හමුදාවත් සමඟ මෙරොම්හි ජලාශ අසල කඳවුරු බැඳගෙන සිටි හමුදා වෙතට රහසින් ගොස් ඔවුන්ට පහර දුන්නේය. 8 යෙහෝවා දෙවි ඔවුන්ව ඊශ්‍රායෙල් හමුදාව අතට පත් කළේය.+ ඊශ්‍රායෙල් හමුදාව තම සතුරන්ව ජනාකීර්ණ නගරයක් වූ සීදොන්+ දක්වාද මිස්රෙපොත්-මායිම්+ දක්වාද නැඟෙනහිර දෙසින් පිහිටි මිෂ්පේ තැනිතලාව+ දක්වාද ලුහුබැඳ ගොස් පහර දී සියලුදෙනාවම මරා දැමුවේය.+ 9 ඉන්පසු යෙහෝවා දෙවි කී ලෙසම යොෂුවා ඔවුන්ගේ අශ්වයන්ගේ පාද තුවාල කර+ ඔවුන්ගේ අශ්ව රථ ගින්නෙන් දවා දැමුවේය.+
10 හාෂොර්, ඒ පළාතේ තිබූ සියලුම රාජ්‍යයන්ට වඩා බලවත් විය. එහෙයින් යොෂුවා ආපසු හැරී+ හාෂොර්+ වෙතට ගොස් එය යටත් කරගෙන එහි රජුව කඩුවෙන් මරා දැමුවේය.+ 11 ඊශ්‍රායෙල් හමුදාව එහි සියලු වැසියන්වද කඩුවෙන් මරා දැමූහ.+ එහි එක වැසියෙකුවත් ඔවුහු ඉතුරු නොකළෝය.+ ඉන්පසු යොෂුවා හාෂොර් නගරයට ගිනි තැබුවේය. 12 යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැඟී සිටි අනික් සියලු රාජ්‍යයන් යටත් කරගෙන ඔවුන්ගේ රජවරුන්වද කඩුවෙන් මරා දැමුවේය.+ යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් අණ කළ පරිදි+ යොෂුවා ඔවුන් සියල්ලන්වම විනාශ කිරීමට නියම කළේය.+ 13 නමුත් හාෂොර් හැර, හෙල් මත පිහිටා තිබුණු වෙන කිසි නගරයකට යොෂුවා ගිනි තැබුවේ නැත. 14 ඊශ්‍රායෙල්වරු එම නගරවල සිටි සියලු වැසියන්ව කඩුවෙන් මරා දැමුවෝය.+ ඔවුන්ගෙන් එක වැසියෙකුවත් ඔවුහු ඉතුරු නොකළෝය.+ නමුත් ඔවුහු ඔවුන්ගේ සියලු වස්තුවද සතුන්වද ගත්තෝය.+ 15 යෙහෝවා දෙවි තම සේවක මෝසෙස්ට අණ කළ දේ මෝසෙස් යොෂුවාට දැනුම් දී තිබිණ.+ යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම යොෂුවා කළේය. ඔහු ඒ සියල්ල අකුරටම පිළිපැද්දේය.+
16 මෙසේ යොෂුවා ඒ මුළු දේශයම අල්ලාගත්තේය. එනම්, යූදාහි කඳුකර පළාතද ඒ අවට තිබෙන පහත් බිම්ද*+ මුළු නෙගෙබ් ප්‍රදේශයද+ මුළු ගෝෂෙන් දේශයද+ අරබා ප්‍රදේශද+ ඊශ්‍රායෙල්හි කඳුකර පළාත හා ඒ අවට තිබෙන පහත් බිම්ද+ අල්ලාගත්තේය. 17 සේයිර්+ දෙසට විහිදී යන හලක් කන්දේ+ සිට හෙර්මොන් කඳු+ පාමුල පිහිටි ලෙබනොන් තැනිතලාවේ බාල්-ගාද් නගරය+ දක්වා තිබෙන මුළු ප්‍රදේශයම ඔහු අල්ලාගත්තේය. ඔහු එම ප්‍රදේශයේ සිටි සියලු රජවරුන්ව අල්ලාගෙන ඔවුන්ව මරා දැමුවේය.+ 18 එම රජවරුන්ට අයත් ප්‍රදේශ අල්ලාගැනීම සඳහා යොෂුවාට බොහෝ කාලයක් පුරා සටන් කිරීමට සිදු විය. 19 ගිබියොන් නගරයේ+ වැසියන් වූ හිවීයවරුන්+ හැර වෙන කිසි නගරයක වැසියන් ඊශ්‍රායෙල්වරුන් සමඟ සාම ගිවිසුමක් ඇති කරගත්තේ නැත. ඊශ්‍රායෙල්වරු සටන් කර අනික් නගර සියල්ල යටත් කරගත්තෝය.+ 20 එම නගරවල වැසියෝ මුරණ්ඩු වී+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට තෝරාගත්හ. යෙහෝවා දෙවිද ඔවුන්ට එලෙස ක්‍රියා කිරීමට ඉඩහැර ඔවුන්ව විනාශ කිරීමට නියම කළේය. දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමට ඉඩහැරියේය. යෙහෝවා දෙවි මෝසෙස්ට පවසා තිබූ ලෙසම සියල්ල සිදු විය.+
21 යොෂුවා එම ජාතීන් සමඟ යුද්ධ කළ කාලයේදීම කඳුකර පළාතේ විසූ අනාක්වරුන්වද+ විනාශ කළේය. එනම්, හෙබ්‍රොන්, දෙබීර් සහ අනාබ්+ යන නගරවලද යූදාහි හා ඊශ්‍රායෙල්හි කඳුකර පළාත්+ පුරාද වාසය කළ අනාක්වරුන් සහ ඔවුන්ගේ නගර ඔහු විනාශ කළේය.+ 22 බේරුණු අනාක්වරු ගාසා,+ ගාත්+ සහ අෂ්දොද්+ යන ප්‍රදේශවල ජීවත් වූහ.+ නමුත් ඊශ්‍රායෙල්වරුන්ට අයිති ප්‍රදේශයේ අනාක්වරුන්ගෙන් කිසිවෙකුවත් ඉතුරු නොවීය. 23 යෙහෝවා දෙවි මෝසෙස්ට පොරොන්දු වූ ලෙස යොෂුවා ඒ මුළු දේශයම අල්ලාගත්තේය.+ ඉන්පසු යොෂුවා දේශය කොටස්වලට බෙදා ඊශ්‍රායෙල්වරුන්ට උරුමයක් ලෙස දුන්නේය.+ ඊශ්‍රායෙල්වරුන්ට තම තමන්ගේ ගෝත්‍රවලට අනුව උරුමයක් ලැබිණ. ඒ කාලයේදී යුද්ධයෙන් තොර සාමකාමී වාතාවරණයක් දේශය පුරා පැවතිණ.+